Ads 468x60px

.

ඔව් මම එයාලගේ නංගි - තිරිමාදුරගේ බිරිඳ

පි‍්‍රයන්ත සෙනෙවිරත්න යනු මෙරට දක්‍ෂ විකට නළුවෙකි. වෘත්තියෙන් ගුරුවරයෙකු වන මොහු, නිතරනිතර වේදිකා නාට්‍ය, චිත‍්‍රපට හා ටෙලිනාට්‍යවල දක්නට ලැබෙන මුහුණකි. කෙසේ වෙතත් ගුරුන්ටත් අකුරු වරදී යන කියමන සනාථ කරන සිද්ධියක් පි‍්‍රයන්ත සෙනෙවිරත්නට සිදුවූ බව වාර්තා විය.
පසුගිය දිනක සිරස රූපවාහිනියේ විකාශය වූ ‘ද සැලූන්’  නාට්‍යයේදී පි‍්‍රයන්තට මෙම වැරදීම සිදු විය.එහිදී ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුව පි‍්‍රයන්ත ‘ද සැලූන්’ වැඩසටහනේ චරිතයක් වූ බත් අම්මාගේ දුරකථන අංකය ලබා දී තිබේ.

එහෙත්  බත් අම්මාගේ දුරකථන අංකය වෙනුවට අත්වැරදීමකින් පි‍්‍රයන්ත ලබාදී ඇත්තේ ජනපි‍්‍රය නළු කුමාර තිරිමාදුරගේ බිරිඳගේ දුරකථන අංකය බව වාර්තා වේ.මෙම සිද්ධියත් සමග කුමාර තිරිමාදුරගේ බිරිඳ හට දුරකතන ඇමතුම් ගලා එන්නට පටන් ගෙන ඇති අතර, ඇගේ දුරකථනය ඇමතූ එක් අයෙක් ඇය පදිංචිසිටින්නේ කොහේ දැයි විමසා ඇත.මීට පිළිතුරු වශයෙන් හෝකන්දර යැයි පැවසූ සැනින් අමතන්නා පෙරළා පවසා ඇත්තේ තමාද හෝකන්දර වෙසෙන බවත්ය.

වසර කිහිපයකට උඩදී සිදුවූ හෝකන්දර මිනීමැරුමේදී ඝාතනය වූ පුද්ගලයන්ගේ නිවසට ආසන්නව වෙසෙන්නේද යන්න පිළිබඳව වැඩිදුරටත් අමතන්නා විමසා ඇති අතර, තිරිමාදුර මහත්මිය එකවර පවසා ඇත්තේ ’ඔව් මම එයාලගේ නංගි’ කියාය.ඉන් පසුව ඇය කරදරකාරී ඇමතුම් නොලැබුණ බවද පැවසේ.

 
Related Posts with Thumbnails