Ads 468x60px

.

ලොව ලාභදායීම මෝටර් රථය ලංකාවට


ලොව ලාභදායීම මෝටර් රථය නිර්මාණය කර ඇති ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ක්ෂේත්‍රයේ දැවැන්ත ඉන්දීය සමාගම එම මෝටර් රථය මුල්වරට ශ්‍රී ලංකාවේ වෙළදපොල වෙත හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රජීව් බජාජ් පවසන්නේ දැනටමත් තම සෙසු නිෂ්පාදකයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවටම අලෙව කරන බවය.200 සීසී කාණ්ඩයේ නව මෝටර් රථය ඊයේ නවදිල්ලි නුවරදී එළිදැක්විය.

ත්‍රි රෝද රථ හා යතුරු පැදි නිපදවීමට සුප්‍රසිද්ධ ඉන්දීය බජාජ් සමාගම RE60 නමින් ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් මෙම රථය නිපදවා තිබේ.මේ පිළිබඳව අදහස් දක්වමින් බජාජ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාහුල් බජාජ් පවසා තිබෙන්නේ මෙය මෝටර් රථයක් ලෙස හඳුන්වනවාට වඩා රෝද හතරේ වාහනයක් ලෙස හැඳින්වීමට තමා කැමති බවයි.

ටාටා නැනෝ මෝටර් රථය ඉලක්ක කර තිබෙන වෙළඳ පොළම මෙම රථයේද ඉලක්කය වන අතර යා හැකි උපරිම වේගය පැයකට කිලෝ මීටර් 70 කි.මෙම රථයේ වාණිජ නිෂ්පාදන කටයුතු තවත් මාස කිහිපයකින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ මෙම රථයයි.
 
Related Posts with Thumbnails