Ads 468x60px

.

මර්වින්ට අත තියන්න එපා - ජනපති

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ දේශපාලන කටයුතුවලට බාදාවන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත් එවැන්නකට අනුබල නොදෙන ලෙසත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඇමතිවරයාගේ නම විකුණමින් කප්පම් ගන්නා සියලූ දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කර ලෙස ද ඊයේ පස්වරුවේ දැනුම් දී ඇත.

 ජනාධිපතිවරයා එසේ ආරක්ෂක ලේම්වරයාට දැනුම් දී ඇත්තේ, සමහර ආරක්ෂක නිලධාරීන්ගෙන් තමාගේ රාජකාරී කටයුතුවලට එල්ලවී ඇති බාධා පිළිබඳව ඇමතිවරයා විසින් කළ පැහැදිලි කිරීම්වලින් පසුවය.කැලණිය ප්‍රදේශීය සබාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් තමාට එරෙහිව කැලණිය ප්‍රදේශයේ තැනින් තැන පෝස්ටර් ගසා ඇති බවටත්, තමා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවටත් දැනුම් දීම සඳහා මර්වින් සිල්වා අමාත්‍යවරයා ඊයේ දහවල් ජනාධිපතිවරයා හමු වී තිබේ.

තමාට එරෙහිව ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් උසුගැන්වීම පිටුපස ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර දේශපාලඥයෙක් සිටින බව ද ඇමතිවරයා එහි දී පවසා ඇත.මෙහිදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ කැලණිය ප්‍රදේශීය මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට එරෙහිව බරපතල චෝදනා තිඛෙන බවයි. ඔවුන් බොහෝ දෙනෙකු මත්කුඩු ජාවාරම්වලට සහ කප්පම් ගැනීම්වලට සම්බන්ධ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

කැලණියේ ප්‍රදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, දේශපාලනයට එනවිට කුඩා පැල්පතක ජීවත්වූ අයෙකු බවත් මේ වනවිට ඔහු අයතා ලෙස උපයාගත් මුදල්වලින් මාලිගාවක් වැනි නිවසක් ඉදිකර ඇති බවත්, යානවාහන ගණනාවක්ම මිලදී ඇති බවත් ආරක්ෂක අංශ දැනුම් දී ඇතැයි ජනාධිපතිවරයා හෙළිදරව් කර තිබේ.

තවද ඔහු සිය නිවස අවට මුඩුබිම් නීතියානුකූල නොවන පරිදි ගොඩ කොට විශාල ප්‍රමාණයේ බ්ලොක්ගල් ව්‍යාපාරයක් අරබා ඇති බවත් කැලණියේ ප්‍රදේශීය සභාවට අයත් ඉඩම් අනවසරෙන් ඔහුගේ නමට පවරාගෙන තිඛෙන බවත් ජනාධිපතිවරයා පවසා ඇත. මොහු කැලණිය බලප්‍රදේශයේ ඉදිකිරීම්වලට අදාළ සැලසුම් අනුමත කිරීමේදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ගෙන ඇති බවටද පැමිණිලි ලැබී ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

තවද ජනාධිපතිවරයා හෙළිදරව් කර ඇති පරිදි, නිශාන්ත දුමින්ද පෙරේරා නොහොත් චමිල නැමති කැලණියේ ප්‍රදේශීය සභාවේ උපසභාපතිවරයා ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරයකි. මීට අමතරව ඔහු පිටකොටුව ප්‍රදේශයේ බක්කි දමා ඒවායින් කප්පම් එකතුකරන්නෙකු බවත් අනාවරණය වී තිබේ.එසේම, ප්‍රදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල නැමැත්තාද නොයෙකුත් දූෂිත ක්‍රියාවල යෙදෙන්නෙකි. ඔහුද කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.
 
මීට අමතරව මර්වින් සිල්වා ඇමතිවරයාට සමීපව සිටින කේ.එම්. ලංකා විජිත නැමැත්තා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තරුණියන් පිටරට යවන අයකු බවත් එසේ විදේශ ගත කිරීමට පෙර එම තරුණියන් ගණනාවකට ලිංගික අතවර සිදුකර ඇතිබවත් ආරක්ෂක අංශ වාර්තා කර ඇතැයි ජනාධිපතිවරයා පවසා ඇත.ආරක්ෂක අංශ වාර්තා උපුටා දක්වමින් ජනාධිපතිවරයා හෙළිකළ මෙම කරුණු කිසිවක් ප්‍රතික්ෂේප කිරීමට මර්වින් සිල්වා ඇමතිවරයා උත්සාගෙන නැත.
 
Related Posts with Thumbnails