Ads 468x60px

.

සරසවි විරු සිසු ස්මාරකය බින්දාට දැවැන්ත පා ගමනක්

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විරු සිසු ස්මාරකයට හානි කිරීමට විරෝ දක්වා කි‍්‍රයාත්මක පා ගමන කොල්ලුපිටිය මංසන්ධියේදී පොලිසිය මාර්ග බාධක යොදා අවහිර කර තිබේ.මෙම බාධකය ආසන්නයේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක්රැඳී සිටිති.මේ වන විට විරෝධතාවට එක්වූ සිසුහු පිරිසක් මාර්ග බාධකය ආසන්නයේ මහා මාර්ගයේ බිම ඉඳගෙන සිටින අතර සෙසු සිසුන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාව දක්වමින් සිටී.
අනුව එම මාර්ගයේ විශාල මාර්ග තද බදයක්ද ඇතිවී ඇතැයි වාර්තා වේ.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ එම විරෝධතාවට විශාල සිසුහු පිරිසක් එක්ව සිටිති.ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිකර ඇති විරු සිසු ස්මාරකයට අද අලූයම කිසියම් පිරිසක් අලාභහානි කර තිබේ.අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර චෝදනා කළේ, මෙය සංවිධානාත්මක පිරිසක්ගේ ක‍්‍රියාවක් බවයි.කෙසේ වෙතත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ කරුණාරත්න පවසන්නේ, මෙය සරසවි සිසුන්ගේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණ ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ  පැවසීය.මේවන විට මෙම පා ගමන කොළඹ හයිලෙවල් පාරේ පාමන්කඩ නගරය පසුකරමින් ගමන් කරන බව වාර්තා වේ.හයිලෙවල් පාරේ කොළඹ දෙසට ගමන් කරනු ලබන මන්තීරුව සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම විරෝධතා පා ගමන ගමන් කරමින් සිටින බවද පැවසේ.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කියා සිටියේ මෙම විරෝධතා පා ගමන කොළඹ කොටුව දක්වා ගමන් කරන බවයි.සරසවි සිසු මර්ධනය හා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විරු සිසු ස්මාරකය බිඳ ඳැමීමට විරෝධය දක්වා මෙම පාගමන ආරම්භ කළ බවද ඔහු පැවසීය.අද (05) අලූයම කිසියම් පිරිසක් විසින් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර විරු සිසු ස්මාරකය කඩා දමා තිබිණි.මෙම ප‍්‍රහාර එල්ලවී ඇත්තේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මකවන ‘රක්නා ලංකා’ ආරක්ෂක අංශයේ නිලධාරින් යොදා සිටියදීය.

කෙසේවුවද, මෙම විරු සිසු ස්මාරකය බිඳ දැමීම සිසුන්ගේ උපායක් බවත්, අද අලූයම අදාළ ස්මාරකයේ කොටසක් එම සිසුන් විසින් පුපුරවා හැර ඇති බවත්  ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එල්.එම්.ඒ. කරුණාරත්න මහතා පවසයි. සරසවි සිසුහු දෙදහසක් පමණ බම්බලපිටිය හන්දියේ ගාලූ පාරට පිවිස අරලියගහ මැදුර දෙසට ගමන් කිරීමත් සමග ගාලූ පාරේද අවට මාර්ගවලද දැඩි තදබදයක් ඇති විය. කැරැුලි මර්දන පොලිසිය, කඳුළුගෑස්, ජලප‍්‍රහාර රථ හා යකඩ මාර්ග බාධක සූදානමින් තබා ඇත.





 
Related Posts with Thumbnails