Ads 468x60px

.

පොලිසිය පොඩි ළමුන් කරන වැඩ කරලා - වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය

මහනුවර ශ‍්‍රී දළඳා මාළිගයේ අනුරුව සහිත කාන්තා ඇඳුම් තොගයක් විකිණීමට තිබියදී මහනුවර පොලිසිය විසින් සොයාගෙන තිබේ. මහනුවර නගරයේ සංචාරක හෝටලයක නිමි ඇඳුම් වෙළඳසැලක තිබී මෙම ඇඳුම් සොයාගෙන ඇත.මෙලෙස සොයාගෙන ඇත්තේ උඩුකය ඇඳුම් තොගයක් බව පැවසේ.

ශ‍්‍රී දළඳා මාළිගයේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතාමේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර තිබු බව වාර්තා වේ.මෙම
දළදා මාලිගයේ රුව සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් තරුණයන් පිරිසක් විසින් එකතුවී මිලදීගෙන පොලිසියට ඉදිරිපත්කොට ඇත.මෙම කාන්තා ටී ෂර්ට් විකිනීමට තබා ඇත්තේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ රෙදිපිළි ආයතනයක් වන "ඔඩෙල්" වෙළඳසැලෙහිය.

මේ සම්බන්ධව අදාළ තරුණයන් විසින් මල්වතු මහ නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද දැනුවත් කර තිබේ.නමුත් ඊයේ දිනයේදී පොලිසිය විසින් සිදුකලේ අදාළ ටී ෂර්ට් තොගය පමණක් උසාවියට ඉදිරිපත්කිරීමයි.එහිදී මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශකර ඇත්තේ පොඩි ළමුන් මෙන් වැඩ නොකර බුදු දහමට අපහාසයක් වන මෙම ටී ෂර්ට් අලෙවි කිරීමට තිබු වෙළඳසැලේ හිමිකරුවන් උසාවියට නියම කරන ලෙසය.


බුද්ධාගමට අපහාසයක් ගෙන දෙන බව කියන මේ ටී ෂර්ට් අලෙවි කළැයි කියන සාප්පුවේ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලියාගෙන ඇත්නම් ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට පියවර නොගන්නේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන්  ප්‍රශ්න කළාය. වජිර හඳුන්ගේ හා සිරිමල් ජයවර්ධන යන පැමිණිලිකැරු වෝ පැමිණ සිටියහ. ටී ෂර්ටයක මිල රුපියල් 850කි.







 
Related Posts with Thumbnails