Ads 468x60px

.

ශවේන්ද්‍ර කෙහෙළියගේ දියණියගෙන් සමාව ගනී

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චන්දුලා මෙනවියගෙන් වහාම සමාව ගන්නා ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.


ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසුගියදා අතවර කිරීමේ සිද්ධිය පිළිබඳව ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (10) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී එම නියෝගය ශවේන්ද්‍ර වෙත යොමු කරන්නැයි ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙ නිලධාරීන් හමුවේ වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා, කෙහෙළියගේ දියණියද හොඳ හොඳ කරනම් ගැසූ නොටෝරියස් චරිතයක් බවත්, ඇය විදේශ අමාත්‍යංශයේ ලේකම් අමුණුගම පවා දැලේ දාගෙන සිටි බවත් සඳහන් කර තිබේ.කෙහෙළියගේ දියණිය ලන්ඩනයේදී පවා ගත කළ සෙල්ලක්කාර ජීවිතය පිළිබඳ තොරතුරු රැසක් තමන් වෙත ලැබී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා, තමා නාමල්ව බේරා ගත්තේද බොහෝ අමාරුවෙන් බව කියා තිබේ.

ශවේන්ද්‍ර සිල්වාද සල්ලාලයෙකු බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, එහෙත් ඔහුව කුලප්පු කරන්නට ඇත්තේ කෙහෙළියගේ දියණිය විසින් විය හැකි බවද පවසා ඇත.කෙහෙළිය ඇමතිවරයාද මේ වනවිට ජානකී නමැති නිලියක් තියාගෙන සිටින බවත්, රූපවාහිනී සංස්ථාවේ විකාශය විය යුතු ටෙලි නාට්‍ය තීරණය කරන්නේ එම ටෙලි නිලිය විසින් බවට තමාට වාර්තා වී ඇති බවත්, පසුගිය දිනෙක කෙහෙළියගේ බිරිඳ සහ පුත‍්‍රයා එම නිලියට ප‍්‍රසිද්ධියේ පහර දී ඇති බවත්, එය මාධ්‍යවල පළවීම වළක්වා ගත්තේ තමා විසින් බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

තවද, ශී‍්‍ර ලංකා 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන රාජකීය විදුහලේ ඉගෙනුම ලබන කෙහෙළියේ පුත‍්‍රයා, කි‍්‍රකට් සංචිතයේදී රුසියානු ගණිකාවක් සමග සිට හසු වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර ඇත.කෙසේ වුවද, ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මේ වනවිට අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව, ශවේන්ද්‍ර සිල්වා මහතා කෙහෙළියගේ දියණියගෙන් සමාව ඉල්ලා තිබේ. තවද, මෙම ප‍්‍රශ්නය තවදුරටත් ඉදිරියට නොගෙනියන ලෙස ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාටද දැනුම් දී ඇත.
 
Related Posts with Thumbnails