Ads 468x60px

.

උසාවියේ සාක්‍ෂිත් දෙන්නම් ඉසෙඞ් ගණනය වැරදියි - ප්‍රතිඵල විකෘති කල නිලධාරීන් ගස්

මෙවර ඉසෙඞ් ලකුණු ගණනය දෝෂ සහිත බව මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඉසෙඞ් අගය හඳුන්වාදුන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රැපල් ඒ තටිල් මහතා පවසයි.ඒ මහතා මේ බව කියා සිටියේ උසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූව සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 11 ක සහභාගීත්වයෙන් කොළඹදී ඊයේ පස්වරුවේ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.


විද්වත් කමිටුව මගින් මෙවර පැරණි සහ නව නිර්දේශ අපොස උසස් පෙළ ඉසෙඩ් ස්කොර් කඩඉම් ලකුණු ක්‍රමය ගණනය කැර ඇත්තේ පොහොසතා තවත් පොහොසත් වන විදියටත් දුප්පතා තව තවත් දුප්පත් වන ආකාරයට බවත් පැවසූ ඒ මහතා අධිකරණය මේ ගැන විශේෂඥ මතය විමසතොත් සිසුන් වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වන බව ද කියා සිටියේය.
මින් පෙර වතාවන්හි ‍ඉසෙඩ් ස්කෝර් නිවැරදි බවද ඒ මහතා ස‍ඳහන් කළේය.



උසස්පෙළ ප්‍රතිඵල අවුල පිළිබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අනුව ප්‍රතිඵල දත්ත පරිඝණක ගත කරන්නාගේ දෝශයක් සිදුවී ඇති බව සොයාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පල කරයි. එම කොමිෂමේ වාර්තාව ඊයේ (11) සවස ජනාධිපති වරයාට අරලිය ගහ මන්දිරයේදී භාරදී ඇත. කමිටු වාර්තාව පිළිබදව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කළබවද පළවේ.

පසුගිය උසස්පෙළ විභාගය සදහා විභා අපේක්ෂකයන් 294,000ක් පෙනී සිටි අතර මේ සියළු දෙනාගේම විභාග ප්‍රතිඵල පිළිබදව දැඩි අර්බුදයක් මතුවිය. ඒ පිළිබද නිවැරදි සොයැබැලීමක් වෙනුවට ජනාධීපති කොමිෂන් සභාවක් පත්කර මහජන අවධානය වෙනතක යොමු කිරීම පිළිබදව වෘතීය සංගම් ඇතුළු සංවිධාන ගණනාවකින් දැඩි විවේචනද එල්ලවී තිබුනි.

කොමිෂමේ වාර්තාවෙන් පෙනී යන්නේ මර්වින් සිල්වා ඇමතිවරයා විසින් කැලණියේදී ගස් බදින ලද සමෘධි නියාමක පිළිබද ගැටළුව අවස්ථාවේ දක්නට ලැබුණු ප්‍රතිචාරයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එම සමෘධි නිලධාරියා ප්‍රකාශ කර තිබුනේ ඇමතිවරයා විසින් තමාම ගස් බැන්දා නොව තමන්ම ගස් බැද ගනිමින් ආදර්ශයක් ලබාදුන් බවය. උසස්පෙළ ප්‍රතිඵල ‍පිලිබද සොයාබැලූ කොමිෂම පවසා ඇත්තේද දත්ත කැවීමේ නිලධාරියා ගෙන් වරදක් වී ඇති බව ඔහුම පිළිගත් බවයි.

 
Related Posts with Thumbnails