Ads 468x60px

.

කාලි මෑණියන්ගේ දේව ශාපය මර්වින්ට හරහට හිටී

පරම්පරා 13 ක්‌ පුර පවත්වාගෙනබිලි පූජාව ඇමැති මර්වින් සිල්වා අගෝස්‌තු 13 වැනිදා මැර බලය යොදා නතර කල බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහ ඔහුගේ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදී  ති බවත් මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා කියා සිටිති.


,  එයට සාප කරමින් ඇමැතිවරයාටත්, ඔහු සමග පැමිණි පිරිසටත් කාලි මෑණියන් හමුවේ පළි පලිගැසූ බවත්, ඒ ශාපය දැන් වදින්නට පටන්ගෙන ඇති බවත්, ඉදිරියටත් පලිගසන බවත්, ඔවුනට තවතවත් දඩුවම් ලැබිය යුතු බවත් " පූජාකතුමා පවසති.ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්‌ දක්වා ඇති කාලි දේවාලයේ ප්‍රධාන පූජකතුමා මෙසේද පවසා තිබේ.

"අපි අවුරුද්දකට සැරයක්‌ අපේ ශ්‍රී භද්‍රකාලි දේවාලයේ මංගල්‍යය පවත්වනවා. දින 11 ක්‌ එළවළු බත් කාලා පසුව තමා බිලි පූජාව කරන්නේ.පරම්පරා 13 ක්‌ තිස්‌සේ අපි මේ බිලි පූජාව කරගෙන ආවා. ගිය අගෝස්‌තු 13 දා උදේ 10 ට විතර මර්වින් සිල්වා ඇමැතිතුමා එයාගේ ගෝලයෝත් සමඟ ඇවිල්ලා එළුවෝ ටිකයි, කුකුල්ලු ටිකයි පටවාගෙන ගියා. අපෙන් බැතිමතුන් ඇහැව්වා මේකට දඬුවම් දෙන්නේ නැද්ද කියලා.

ඒකට අපි කාලි මෑණියන්ට කියලා ඇමැතිතුමාටත්, ආපු ගෝලයන්ටත් පළි ගැහුවා. ඒ කාලි මෑණියන්ගේ ශාපය දැන් වැදිලා. තවත් අපි පළිගහනවා තව දඬුවම් දෙන්න ඕනෑ."විවිධ ආගම්වලට අයත් පුද පූජා පැවැත්වීමට එම ආගම්වල බැතිමතුන් දක්‌වන්නේ දැඩි භක්‌තියකි. කාලි මෑණියන්ට තබන බිලි පූජාව බැතිමතුන් ඉෂ්ට කරන්නට ඔවුන්ගේ මංගල්‍ය දිනය තෝරා ගනිති. ඒ අනුව දින 11 ක්‌ එළවළු සමඟ බත් අනුභව කොට 12 දින බිලි පූජාව දී මස්‌ අනුභවය කිරීම ඔවුන්ගේ චාරිත්‍රයක්‌ව පවතී.
 
Related Posts with Thumbnails