Ads 468x60px

.

සභාපතිගෙන් උප සභාපතිට ප්‍රහාරයක් - කොළොන්නාවම ගිනි ගනී

කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා තමන්ට පහර දුන් බවට එම නගර සභාවේ උප සභාපතිවරයා චෝදනා කරයි. නගරසභා භූමියේදී ඊයේ (11) පෙරවරුවේ මෙම පහරදීම සිදුවු බවත් වීථි පහනක් පිළිබදව පැමිණිලි කිරීමට ගිය නගර වැසියෙකුට හා තමාට පහරදුන් බවත් උප සභාපතිවරයා නගන චෝදනාව තමන් ප්‍රති‍ක්ෂේප කරන බවත් සභාපතිවරයා පවසයි.


කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති අතර ඊයේ (11) ඇතිවූ ගැටුම දුරදිග යාමෙන් මේ වන විට කොළොන්නාව දෙමටගොඩ මාර්ගයේ විශාල විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් සිටී. සභාපතිවරයාට පක්ෂපාතී පිරිස් විසින් ටයර් ගිනිතබමින් රථවාහන ගමනා ගමනයට බාධාවන අයුරින් විරෝධතාව පවත්වයි.උප සභාපති වරයා සංවර්ධන කටයුතු වලට බාධා කරන බව පවසමින් මෙම විරෝධතාව දියත්කර තිබේ.

කොළොන්නාව නගර සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරන්නේ නගරාධිපතිවරයා අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍ය වරයාගේ අනුගාමිකයෙකුවන අතර උප සභාපතිවරයා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ අනුගාමිකයෙකි.මේ වන විට අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන ආණ්ඩුවේ අභ්‍යන්තර විරෝධයේ තවත් පියවරක් වශයෙන් මෙම ගැටුම ඇතිවී ඇති බවද හෙලිවේ.
 
Related Posts with Thumbnails