Ads 468x60px

.

ප‍්‍රසිද්ධියේ ගල්ගසා මැරූ සමලිංගික තරුණිය

තමන් ස්ති‍්‍ර සමලිංගිකයෙකු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල දකුණු අපි‍්‍රකානු තරුණියක් ගල් ගසා මරණයට පත්කල පුද්ගලයන් සිවුදෙනෙකු හට වසර 18ක සිර දඩුවම් ලබා දීමට දකුණු අපි‍්‍රකානු අධිකරණය තීරණය කර ඇත.නඩු තීන්දුවෙන් පසු කේප් ටවුන් හි වීදිවලට එක්වූ ජනතාව තීන්දුව අනුමත කරමින් පි‍්‍රතිගෝෂා පැවැත්වූ බව වාර්තා වේ.


සෝලිස්වා න්කොන්යානා නම් 19 හැවිරිදි තරුණ කාන්තාව තමන් සමලිංගිකයෙකු යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරිමෙන් අනතුරුව සිය නිවස ආසන්නයේදී කුරිරු ලෙස ඝාතනයට ලක් විය.

මේ අතර පසුගිය දා දකුණු අපි‍්‍රකාවේ පැවති සමුලූවක් ඇමතු එ.ජ.මහලේකම් බෑන් කී මූන් ප‍්‍රකාශ කලේ අපි‍්‍රකානූ රාජ්‍යයන් පුද්ගල ලිංගික නිදහස සම්බන්ධයෙන් මීට වඩා විවෘතභාවයෙන් කටයුුතු කලයුතු බවයි.

 
Related Posts with Thumbnails