Ads 468x60px

.

ඔයාලත් මඩකලපු පැත්තේ ගියොත් මේ පන්සලටත් ගොඩ වදින්න

මේ තියෙන්නේ මඩකලපුව town එකේ තියෙන එකම බෞද්ධ පන්සල...පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පමනයි සිටියේ. පන්සල මෙ තත්වෙන් තියෙන්නේ  විහාරාධිපති  හාමුදුරුවන්ගේ කැපවීමත් උත්සහයත් නිසා බවයි  පෙනුනේ. යුද්ධය පැවතුනු කාලයේත්, යුද්ධය පසුවත් විවිධ ප්‍රාදේශීය බලවතුන්ගේ කෙනෙහිලිකම් මැද තම මේ පන්සල පවත්වගෙන යන්නේ.

දැනට පන්සලට  එක දායක පවුලක් වත් නැතිලු..මෙ වනතෙක් යුධයෙන් පසු කිසිම නයකයෙක් පන්සලට වැස්සකටවත් ගොඩ වෙල නැති බව නයක හාමුදුරුවෝ කිවා.



ඔයාලත් මඩකලපු පැත්තේ ගියොත් මෙ පන්සලට ගොඩ වදින්න...

සමහර විට මඩකලපුවේ සිංහල පුලූටක්වත් නැතිවෙයි. මඩකලපුවේ සිංහලයන්ට දැන් මොකවත්ම නැත. යුද්ධය කාලයේ ප‍්‍රදේශය අතහැර ගිය සිංහලයන්ගේ ඉඩම් වලට ඔප්පු ලියා ජනයා පදිංචිකර හමාරය. පුරාවිද්‍යා ස්ථානයන් හා විහාර පැවති තැන් පවා ඔප්පු මගින් පවුල් වලට දී ඇත. නිත්‍යානුකුල නොවන ඔප්පු හදපු එක කොමසාරිස්වරයෙක් අත් අඩංගුවට ගත් බව කියන නමුත් ඔවුන්ව රැක ගැනීමට දහසක් සිටිති.

ජනයා නැවත පදිංචි කරවිමට හා ඔවුන්ට ශුභ සෙත සැදීමට ඇමතිවරු සිටියහ. ඔවුන් වෙනුවෙන් හඩ නගන මාධ්‍ය කරුවෝ සිටිති. ජන අරගල කරන්නෙත් ඔවුන් වෙනුවෙනි. නමුත් මඩ කලපුවේ සිංහලයන්ට.... සිංහලකම නිසා ඔවුන් අඳුරේය. තව කලක් ගිය පසු මඩකලපුව සිංහලයන් වඳ වු රටක් බවට පත්වෙන බවට පෙර නිමිති පෙනේ.
 
කම් කටොලු බාධක මැද ගෙනයන මේ මෙහෙවරට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..බුදු සරනයි!





 
Related Posts with Thumbnails