Ads 468x60px

.

අපි දැනටමත් විවාහයට නැකත් බලලා තියෙන්නේ - දමිතා

දක්ෂ ටෙලි නාට්‍ය නිළියක් වන දමිතා අබේරත්න මෙම වසරේ භාගයේදී විවාහ දිවියට ඇතුලත් වීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සූදානම් කරන බව සති අන්ත අතිරේකයට පවසා ඇත. මීට 8 වසරකට පෙර සංගීත ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ඩුබායි රටට ගිය අවස්ථාවකදී ඇතිවූ මිතුදම ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය වූ ආකාරය හා ඊට එල්ලවූ විවිධ බාධක ඇතුලත් සම්පූර්ණ සාකච්ඡාව පහතින්.



දමිතා, මොකක්ද මේ සුබ ආරංචිය?
මම මේ අවුරුද්දේ විවාහ වෙනවා. බොහෝ විට මගේ විවාහ උත්සවය ජූලි හෝ අගෝස්තු මාසයේ පැවැත්වේවි.
පැවැත්වේවි කිව්වේ?
අපි දැනටමත් නැකත් බලලා තියෙන්නේ. මේ වෙද්දී නැකත් කීපයක් ලැබිලා තියෙනවා. ඒ ලැබුණු නැකත් මගේ කේන්දරයත් එක්ක මොන තරම් හොඳට ගැළපෙනවද කියලා තව දුරටත් බලන්න වෙලා තියෙනවා. මගේ විවාහ උත්සවය ඉඩකඩ ඇති තැනක ගන්න ඕන. 

 විවාහ උත්සවය 'වෝටර්ස් ඒජ්' එකේ ගන්න උත්සාහ කළා. මට තියෙන නැකත් දිනවලට එතන ශාලා පහසුකම් නැහැ. ඒ නිසා විවාහ උත්සවය ගන්න හිතාගෙන ඉන්න තැන පිළිබඳ ගැටලුවක් තියෙනවා. අද හෙටම හොඳ තැනක් වෙන්කර ගන්න ඕන.

ඔහු කවුද කියමුද?
ඔහු කවුද කියලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නවා. අපි දෙන්නා අවුරුදු අටක් තිස්සේ එකිනෙකා දන්නවා. අපේ ප්‍රේම සම්බන්ධයට අවුරුදු අටක් වෙනවා. එයා සෑහෙන කාලයක් පදිංචි වෙලා හිටියේ ඩුබායිවල. දැන් ස්ථීර පදිංචියට ලංකාවට ඇවිත් ඉන්නවා.
ඔහුගේ නම කියමුද?
 දැන්ම ඒ ගැන කතා නොකර ඉමු. අවශ්‍ය කාලයේදී ප්‍රේක්ෂකයන්ට ඔහු කවුද කියලා දැනගන්න ලැබේවි.
ඔබේ පෙම්වතා ප්‍රේක්ෂකයන් දන්න හඳුනන කෙනෙක් නෙවේ නේද?
එයා ලංකාවේ සෑහෙන කාලයක් හිටියේ නැහැ. අවුරුදු 23 ක් තිස්සේ ඔහු විදෙස් ගත වෙලා හිටියා. එයා ලන්ඩන්වල ඉගෙන ගත්තා. ඉන්පස්සේ ව්‍යාපාරික කටයුතු කළේ ඩුබායිවල ඉඳගෙන. ඒ කාලෙදි ලංකාවට ඇවිත් ගියත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා ප්‍රේක්ෂකයන් ඔහුව දන්නේ නැහැ.
ඔබේ රංගන දිවියට ඔහුගෙන් සහයෝගයක් ලැබේවිද?
මම හිතනවා ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබේවි කියලා. පහුගිය අවුරුදු අටේදී එයා මගේ කටයුතුවලට අකුල් හෙළලා නැහැ. නමුත් ඔහුගෙන් මට අවවාද නිතර ලැබිලා තියෙනවා.
ඒ මොකක් සම්බන්ධයෙන්ද?
ක්ෂේත්‍රයේ ඉන්න සමහර මිනිස්සු ආශ්‍රය කරන්න එපා කියලා. එහෙම එයා කිව්වේ මිනිස්සු දිහා ඈත ඉඳන් බලලා. මේ මේ අයගෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වා. නමුත් මම ඒ කියපු අය දිගට ආශ්‍රය කළා. 

එයා කිව්ව විදියට සමහර මිනිස්සු ආශ්‍රය නොකර හිටියා නම් මට සමහර විපත්වලින් දුර තියා බේරෙන්න තිබුණා. එයාට මිනිස්සු ගැන ලොකු අවබෝධයක් තියෙනවා. එහෙම කෙනෙක් මුණගැසීම හොඳයි.

ඔබ මුණගැසෙද්දී ලංකාවේ රංගන ක්ෂේත්‍රය ගැන ඔහු මොනවද දැනගෙන හිටියේ?
මාව මුණගැහෙන කා‍ලේ වෙද්දි එයා ලංකාවේ ටෙලි නාට්‍ය බලලා තිබුණේ නැහැ. ලංකාවේ ටෙලි නාට්‍ය එයා බලන්න පටන් ගත්තේ මම නිසා. දැන් ඔහුට රංගන ක්ෂේත්‍රය ගැන හොඳ දැනුමක් තියෙනවා.
ඔහුව ඔබට මුණගැහුණේ කොහොමද?
ඩුබායිවල පැවැත්වුණු ප්‍රසංග කිහිපයකට එයා අනුග්‍රාහකත්වය දැක්වූවා. ඒ අවස්ථාවලදී අපි අතර හිතවත්කමක් ඇතිවුණා. හිතවත්කමයි පස්සේ ප්‍රේම සම්බන්ධතාවක් බවට පත්වුණේ.
පහුගිය අත්දැකීම් එක්ක බලද්දී ඔහු ඔබට උදව් කළාද?
අනිවාර්යයෙන්ම. මිනිස්සුන්ට හරියන්න හරි වැරදෙන්න හරි පුළුවන්. පහුගිය කා‍ලේ මගේ ජීවිතයේ වැරදුන තැන් තිබුණා. ඒ වැරදුන තැන්වලදී එයා මා එක්ක හිටියා. 

එයාගේ ජීවිතයෙන් වැරදුන තැන්වලදී මම ඔහුට ශක්තියක් වෙලා හිටියා. සාර්ථක වෙන වෙලාවලදීට වඩා මනුස්සයෙක් ඉන්න ඕන අසාර්ථක වුණ වෙලාවට. එහෙම කෙනෙක් ඉන්නවා නම් යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

ඔබේ විවාහය සිදුවේද කියන ප්‍රශ්නයක් පහුගිය කා‍ලේ තිබුණා?
සමහර අය මාව ගොඩාක් දෙනෙක්ට බන්දලා, ගොඩාක් දෙනෙක් එක්ක යාළු කරලා නොයෙක් කටකතා හදලා තියෙනවා. මට කතා හදපු අය කසාද කඩාගත් අය. ඒ අය පළවෙනි වතාවේ විවාහ වෙලා ඒකත් දික්කසාද කරගෙන, දවෛනි එකක් බැඳලා ඒකත් දික්කසාද කරගෙන, තුන්වෙනි එකත් හොයාගෙනද කොහෙද? බිඳුණ බිඳීමකට වරද මගේ පිට දානවා.  

එහෙම අය ගැන මට ඇති-වෙන්නේ අනුකම්පාවක්. නොදන්න කෙනෙක්ගේ නමක් අල්ලගෙන දඟලනවාට වඩා මගේ නම කිව්වහම ලොකු ජනප්‍රියත්වයක් ගන්න පුළුවන් ඇති. මගේ නම වටින නිසා වෙන්න ඇති ඔය විදියට කතා හදන්නේ.මගේ ජීවිතයේ මට වැරදුන තැන් ඇති. නමුත් දැන දැන මම වැරදි කරලා නැහැ. මම මනුෂ්‍යයෙක්නේ. ආදරය කරලා වැරදෙන්න පුළුවන්.

ඔබේ පෙම් සබඳතාවටත් නොයෙක් බාධා ඇතිවෙන්න ඇති?
මගේ ප්‍රේම සම්බන්ධය කඩන්න කීප දෙනෙක් උත්සාහ කළා. මගේ පෙම්වතාට දුරකථන ඇමතුම් දීලා මා ගැන නොයෙක් කතා කියන්න උත්සාහ කරලා තිබුණා. ලංකාවේ ඉන්න සමහර අය ඩුබායිවලට කතා කරලා මගේ දොස් කියද්දී ඔහු අපූරු උත්තරයක් දීලා තිබුණා. 

ඒ මට එහෙම කතා කරලා ඔය විස්තර කියන්න එපා කියලා. ඔහු ඒ විදියට කටයුතු කළ නිසා තමයි අපි අතර තියෙන බැඳීම කාටවත් කඩන්න බැරිවුණේ.මගේ ජීවිතයේ මම මෝඩකම් කරලා තියෙනවා. ඒ මගේ සහෝදරියක් කියලා හිතාගෙන හිටිය කෙනෙක් හදිසි අනතුරකට පත්වුණ වෙලාවේ උදව් කිරීම. එහෙම උදව් කළ අයම තමයි මට නැවතත් පහර ගහන්නේ.

ඔබත්, පෙම්වතාත් අතර ගැටලු ඇතිවෙලා නැද්ද?
අපි අතරේ නොයෙක් අදහස් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න දුරදිග ගිහින් නැහැ. බත්හැලිය ඉඳෙනතුරු ඇතිවෙන ප්‍රශ්න අපේ ජීවිත වෙනත් සුන්දර පැත්තකට ගෙන ගියා. ප්‍රශ්න නැති ජීවිතයත් ඒකාකාරියි.
පසුගිය දවස්වල ඔබට ගෞරව නාමයක් හිමිවුණා නේද?
ඕල්කට් පදනම මගින් මට විශ්වකලා අභිමානී දේශ ශක්ති කියන ගෞරව නාමය පුදනු ලැබුවා. මිනිස්සු මට අභූත චෝදනා කරන්න කරන්න මට ගෞරව නාම ලැබෙනවා. මේ තරම් දිගු කාලයක් ක්ෂේත්‍රයේ රැඳෙමින් මට මේ සාර්ථකත්වය ලබාදෙන්න මගේ පුංචි ලෝකයේ අය උදව් කළා. මගේ පෙම්වතා, අම්මා, ආචිචි අම්මා, අයියා, අයියගේ දරුවෝ, පුංචිලා මට විශාල සහයෝගයක් දැක්වූවා. 

මේ අයට අමතරව මගේ පුංචි ලෝකයේ ඉන්න එකම කලාකාරිය කාංචනා මෙන්ඩිස් විතරයි. එයා මගේ ලෝකයේ ඉන්නේ මාව හොඳින් තේරුම් ගත්ත නිසයි. කාංචනා කියන්නේ මගේ මිතුරියක් නොවේ. සහෝදරියක්.
 
Related Posts with Thumbnails