Ads 468x60px

.

මම ඇඳුම් අදින්නේ තරුණයන්ගේ ආකර්ශනය ගැනීමට - රුවන්ගි


තමා ඇඳුම් අදින්නේ තරුණයන්ගේ ආකර්ශනය ගැනීමට බව අහසින් වැටුණා ටෙලි සිත්තමේ නෙහාරා ලෙසත් ස්‌වර්ණවාහිනියේ ගුඩ් ආෆ්ටර්නූන් (Good Afternoon) හා වෙඩින්ග් (Wedding) වැඩසටහන් වල නිවේදිකාව ලෙසත් පුංචි තිරයේ ජනපි‍්‍රයත්වයට පත් රුවන්ගි රත්නායක කියයි.






ඇය මේබව පවසා ඇත්තේ සති අන්ත පුවත්පතක් සඳහාය.කෙසේවුවද රුවන්ගිගේ වස්ත‍්‍ර විජ්ජාවට ආකර්ශනයවූ විශේෂ කෙනෙක් නොමැති බවද ඇය පවසන්නීය.එසේම ඈ හැදියාවට ඇඳුම පැළඳුම බල නොපාන බවද පවසන්නීය.

රූපවාහිනී අවුරුදු කුමරිය බවට පත්වෙමින් කළා ක්ෂේත‍්‍රයට පැමිණි රුවන්ගි මේවන විට ටෙලි නාට්‍ය පහක, එක් චිත‍්‍රපටයකත් වෙළෙඳ දැන්වීම් පහළොවක පමණත් රගපා ඇති බව පැවසේ.

තවමත් විසිහතර වැනි වියේ පසුවන ඈ මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කුරුණෑගල ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි.කෙසේවුවද ක්‍ෂේත‍්‍රයට පැමිණීමට පෙර රුවන්ගනී රත්නායක වූ ඈ පසුව රුවන්ගි වූ බවද පැවසේ.
 
Related Posts with Thumbnails