Ads 468x60px

.

මගේ රූපය අදටත් හොඳින් තියෙන්නෙ - සංජීවනී වීරසිංහ


ගායිකාවක ලෙස ජනාදරයට පාත්‍ර වූ සංජීවනී වීරසිංහ අද අපට වැඩිපුරම මුණගැහෙන්නේ, නිළියක්‌, වෙළඳ දැන්වීම් නිරූපිකාවක්‌ හා නිවේදිකාවක්‌ ලෙසයි. මේ දවස්‌වල "සඳ දිය සිත්තම්" තුළින් ඔබේ නිවසට ගොඩවෙන සංජීවනීට අප ඇමතුවේ ඔබ වෙනුවෙන්මයි.



මොනවද සංජීවනී මේ දවස්‌වල කලා කටයුතු. 
රඟපෑම් පැත්තෙන් සඳ දිය සිත්තම් හි රූපගත කිරීම්වලට සහභාගි වෙනව, සංගීත සංදර්ශන, මංගල උත්සව හා විශේෂ අවස්‌ථාවලට ඇරයුම් ලැබෙන විදිහට ගීත ගායනයට සහභාගි වෙනව. ඒ හැරුණම නිවේදන කටයුතු සෙලින්කෝ ආයතනයේ වෙළෙඳ නාම තානාපතිවරිය විදියට කටයුතු කරනවා.


"සඳදිය සිත්තම්" හැරුණම ඔබ වෙනත් ටෙලිනාට්‍යවලට මේ දවස්‌වල සම්බන්ධ නැත්තෙ ඇයි....?
එම ඇරයුම් ලැබෙන හැම ටෙලිනාට්‍යයකම රඟපාන්න බාරගත්තෙ නැහැ. තෝරාබේරාගෙන තමයි රඟපාන්නෙ ඒකට හේතුව මට මවක්‌ විදිහට විශාල වැඩකොටසක්‌ තියෙනව. ඒ අනුව ගොඩක්‌ වැඩ බාරගත්තම දින ප්‍රශ්න එනව එතනදි මා වගේම නිර්මාණකරුවනුත් අපහසුවට පත්වෙනවා. ඒ නිසා ගොඩාක්‌ වැඩ බාරගන්නෙ නැහැ.


ගායිකාවක්‌ ලෙස ජනතාව හඳුනාගත් ඔබ දැන් රංගනයට වැඩිපුර නැඹුරුවෙලා නේද?
මගේ පළවැනි ආදරය රංගනයයි. ඒත් ඒ වගේම මට මා තුළ තියෙන රංගන හැකියාව ගැන ලොකු විශ්වාසයකුත් තිබුණා. ඒත් මොකක්‌දො හේතුවකට අපේ අම්ම කැමති උණේ නැහැ මම රඟපානවට. ඒ නිසයි මම ගායනයෙන් කලා ක්‍ෂෙත්‍රයට ආවෙ. ඒත් තෝරාගත් ටෙලිනාට්‍ය කීපයක "බඹා කෙටූ හැටි" රඟපාන්න ගෙදරින් අවසර ගත්ත. මම විවාහ උනාට පසුවයි රංගන ක්‍ෂෙත්‍රයට වැඩිපුරම යොමු වුණේ.


ගායිකාවක්‌ විදිහට ඔබ ආ ගමන ගැන මොකද හිතන්නෙ.
මම ගායනයට ආවෙ "90" දශකයේ මුල්කාලේ. ඒ යුගයේ රටේ එළිමහන් සංදර්ශන බොහෝ තිබුණා. එක රැයකට සංදර්ශන අති විශාල සංඛ්‍යාවක ගීත ගයන යුගයක්‌. ඒක එකිනෙකාගෙ මතවාද කොහොම උනත් මම මගේම කියා ස්‌වතන්ත්‍ර නිර්මාණ වගේම පිළිතුරු ගීතත් ගැයුවා. ඒ දේවල් කළේ පළමු නිර්මාණයේ අයිතිකරුවන්ගෙන් අවසර අරන් ගෞරවණීය විදිහට. ඒ වගේම යොවුන් ගායිකාවක්‌ විදිහට මම කවදාවත් සාරිය ඔසරිය හැර වෙනත් ඇඳුමකින් වේදිකාවට නැගල නැහැ. මම මගේ ගරුත්වය වගේම ගීතයේ ගරුත්වයත් රැකගෙන ආ ගමන ගැන අදත් බලන්නෙ සතුටෙන්.


ගී ගයන්න, රඟපාන්න, නිරූපනයේ යෙදෙන්න කාලය වෙන් කළාම ඔබට ගෙදර වගකීම් යුතුකම්වලට කාලය ඉතිරි වෙනවද?
මම රැකියාවන් පහක්‌ විතර කරන කෙනෙක්‌. මම සඳහන් කළ අංශවලට අමතරව මම එක්‌තරා රූපලාවන්‍ය සමාගමක අධ්‍යක්‌ෂවරියක්‌, ගුරුවරියක්‌ ඒ හැරුණම මම මගේ සංගීත ඩිප්ලෝමාව සඳහා ඉගෙනීමත් කරනවා. මේ දේවල් එක්‌ක මම මගේ දරුවන්ට උගන්වනව. ඔවුන්ව වැඩිපුර ටියුෂන් පන්ති අරින අම්ම කෙනෙක්‌ නොවෙයි මම මගේ පුතා 2013 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නව. දුව 7 වසරේ මම මගේ ඉගෙනීම මගේ දරුවන්ගේ අධ්‍යාපනයට යොදාගන්න අම්ම කෙනෙක්‌.


කෙනෙක්‌ මොනව හරි දෙයක්‌ කරන්න වෙලාව නැහැ දරුවො එක්‌කල බැහැ කීවොත්. මම නම් කියන්නෙ තමුන්ට ඒ දෙය කරන්න හැකියාවක්‌ නැත්නම් එය නොකර සිටියාම කමක්‌ නැහැ. නමුත් දරුවන්, අනෙක්‌ හේතු කෙනෙකුට දෙයක්‌ නොකර සිටීමට හේතුවක්‌ නෙවෙයි.


සංජීවනී හැමදාම ලස්‌සනට ඉන්නෙ රූපලාවන්‍ය ක්‌ෂේත්‍රය එක්‌ක කටයුතු කරන නිසාද?


මගේ රූපය අදටත් හොඳින් තියෙන්නෙ මට උපතින් ලැබුණ දෙයක්‌ විදිහටයි. ඒ හැරුණම මම ඕනැම කාන්තාවකට උපදෙස්‌ දෙන්නෙ ලස්‌සන වීමේ පළමු පියවර තමන්ගේ පිරිසිදු කම බවයි. මම ගොඩක්‌ පිරිසිදුවව පිළිවෙලට ඉන්න කැමැති කාන්තාවක්‌ සමහර විට විශ්වාස කරන්නෙ නැතිවෙන්න පුළුවන් මම ජීවිතේට පේෂල් එකක්‌ කරගෙන නැහැ මගේ අම්මට පින්සිද්ධ වෙන්න මම සුදු හමක්‌ ලැබිල තියෙනව, ඒ හැරුණාම මගේ ශරීරයේ මම වඩාත් අගය කරන දෙය මගේ කොණ්‌ඩයයි. මේ දේවල් මම ලස්‌සනට තියාගන්නෙ පිරිසිදුව සිටීමෙනුයි.


ඔබේ සැමියාට මේ කලා කටයුතු ගැන තියෙන අවබෝධය කෙබඳුද?
ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ හා බාස්‌කට්‌ බෝල් ක්‍රීඩා පුහුණු උපදේශකවරයෙක්‌. ඔහු රැකියාව කරන්නෙ යුනියන් ඇෂුවරන්ස්‌ ආයතනයේ. අපි විවාහ වෙලා ගෙවුන වසර 14 තුළ මට පුදුමාකාර නිදහසක්‌ කලා කටයුතු සඳහා ඔහුගෙන් ලැබුණා. ඔහු මා වෙනුවෙන් තබා ඇති විශ්වාසය නිසාම මට ඉතාමත් නිදහස්‌ මානසික තත්ත්වයකින් මේ ගමන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඔහු තුළ මා කෙරෙහි ඇති විශ්වාසය, තේරුම්ගැනීම, ආදරය තමයි මට මගේ ජීවිතයේ තියෙන විශාලතම ශක්‌තිය.


ජනප්‍රියත්වය සංජිවනීට මොන විදිහටද බලපාන්නෙ.
මම දන්නෙ නැහැ සමහරු නම් කියනව ජනප්‍රියත්වය වෙලාවකට කරදරයක්‌ කියල. මම නම් මිනිස්‌සුන්ගෙන් ලැබෙන මේ ආදරය තරම් වටින දෙයක්‌ මට තවත් නැහැ. මග තොටේදි දුරකථනයෙන්, වෙනත් තැනකදි මිනිස්‌සු අපට ආදරයෙන් කතාකරල උදව් කරද්දි මම මගේ දරුවන්ට පවා කියන්නේ කෙනෙක්‌ මොනම ක්‌ෂේත්‍රයක හෝ ජනතාව අතර ආදරය ගෞරවය ලැබීම විශාල සම්පතක්‌ බවයි. 


පසුගිය කාලෙ මම ඈත ගමකදි විශාල රිය අනතුරකට මුහුණ පෑවා. එදා ලොකු ලොකු තැන්වල අයට වඩා ඒ ගමේ අහිංසක ජනතාව අපට පිහිට උනේ... මම සෑම කෙනෙකුටම ආදරය කරන කෙනෙක්‌ ඒ වගේම මට ලැබෙන ආදරයට ගෞරව කරන කෙනෙක්‌.


 
Related Posts with Thumbnails