Ads 468x60px

.

සබීතාට ප‍්‍රධාන චරිතයකට ආරාධනා නොලැබීම නිසා කනසල්ලෙන්

ප‍්‍රවීන සිනමා නිළියක් වන සබීතා පෙරේරා කලක් සිනමාවෙන් ඈත්ව සිට ‘භාර්යාවෝ’ ටෙලි සිත්තමත් සමග ඈ නැවත වරක් කලා කටයුතුවලට සම්බන්ධවී සිටී.සබීතා කලා කටයුතුවලින් ඈත්වන්නට මුල්වූයේ ඈ විවාහ දිවියට එළඹිම නිසා බව ප‍්‍රසිද්ධ රහසකි.


සබීතාට ඇගේ සැමියා චිත‍්‍රපටවල රගපෑමට අවසර නොදීම නිසා ඈ කලා කටයුතුවලින් ඈත්ව සිටි බවද පැවසේ.කෙසේවුවද මේ වන විට සබීතාට කලා කටයුතුවලට සම්බන්ධවීමට සැමියා අවසර ලබාදී ඇතත් ඇයට රගපෑමට ආරාධනා ලැබෙන්නේ ඉතා අඩුවෙන් බවත් වාර්තා වේ.

අනූව දශකයේ චිත‍්‍රපටවලට නැතිවම බැරි චරිතයක් වූ සබීතාට මේ දිනවල අලුත් ආශාවක් ඇතිවී ඇතැයි පැවසේ.ඇය මේ දිනවල චිත‍්‍රපටියක ප‍්‍රධාන චරිතයක් ලැබෙනතුරු ඇගිලි ගනිමින් සිටින බවද වාර්තා වේ.

කෙසේවුවද ඇය නැවත රගපාන බව අධ්‍යක්‍ෂවරු කිහිපදෙනෙකුට පැවසුවද සබීතාට මෙතෙක් ප‍්‍රධාන චරිතයකට ආරාධනා නොලැබීම සම්බන්ධයෙන් කනසල්ලෙන් සිටින බවද පැවසේ.
 
Related Posts with Thumbnails