Ads 468x60px

.

පිතිකරුවන්ගේ මහන්සිය වතුරේ යැවූ අපේ පන්දු යවන්නන්

කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෝර්බාට් හි අද (28) පැවති තරඟයේදී කඩුලූ 7ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.එහිදී ඉන්දියානු පිලේ ගැලවුම්කරු වු විරාට් කෝලි (නොදැවී) 133ක් ලබා ගැනීමට සමත් විය.

ඔහුගේ ඉනිම හතරේ පහර 16ක් හා දැවැන්ත හයේ පහර 2කින් වර්ණවත් විය.ඔහුගේ ඉනිමට අනගි සහයෝගයක් ලබාදුන් ගෞතම් ගාම්බීර් හතරේ පහර 4ක් සමඟ ලකුණු 63ක් රැස් කළේය.අද තරඟය ප‍්‍රසාද ලකුණක් සමඟින් ජයගත් ඉන්දියානු පිලට තවදුරටත් තරඟාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමිව තිබේ.

ලකුණු

ශ‍්‍රී ලංකාව (පන්දුවාර 50 කදී) 320/4
(තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී) 160, කුමාර සංගක්කාර 105, මහේල ජයවර්ධන 22, රවින්ද්‍ර ජෙඬ්ජා 1/43, සහීර් ඛාන් 1/61, ප‍්‍රවීන් කුමාර් 1/61)

ඉන්දියාව (පන්දුවාර 36.4 කදී) 321/3
(විරාට් කෝලි (නොදැවී) 133, ගෞතම් ගාම්බීර් 63, සුරේෂ් රයිනා (නොදැවී) 40, ෆර්විස් මහරුෆ් 1/21)

 
Related Posts with Thumbnails