Ads 468x60px

.

අකිල ධනුද්දර හා ඔහුගේ පෙම්වතිය යොදා ගනිමින් චිත‍්‍රපටයක්

ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්දර හා ඔහුගේ පෙම්වතිය බව කියන සුපිරි මෝස්තර නිරූපිකාවක වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා යොදා ගනිමින් චිත‍්‍රපටයක් තැනීමට යන බව වෙත වාර්තා වේ.මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන්නේ අකිලගේ පියාවන ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි බවද පැවසේ.


ජැක්සන් මෙවර ‘මනමේ’ කතා පුවත සිනමාවට නැගීමට සැරසෙන බවද වාර්තා වේ.කෙසේවුවද ජැක්සන් මේ සඳහා නිෂ්පාදන දායකත්වය සැපයීමට සදේශ් කුමාරට කරන ලද ආරාධනය ඔහු ප‍්‍රතික්ෂේපකර ඇතැයි ද පැවසේ.

ධනුද්ධර පසුගිය කාලයේදී ගීත රූප රචනයක් සඳහා පෙනී සිටිමින් ජනපි‍්‍රයත්වයට පත්වූ අතර ඉන් පසුව ඔහුට ටෙලි නාට්‍ය කිහිපයකම රංගන ආරාධනා ලැබුණද ඔහු ඒවා ප‍්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.

ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග වඳිමින් නිරූපන ලෝකයේ දොරගුළු විවෘත කරගත්තාය.ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරට ද පැමිණීමට සමත්වූ අතර, එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් ලෙස ද කිරුළු පැළැඳීමට සමත්වූවාය.

උස අඩි 5.9 ක් වන ඒමි නිරූපන ශිල්පය ප‍්‍රගුණ කර ඇත්තේ ප‍්‍රවීන නිරූපන ශිල්පී රොසෑන් ඩයස් යටතේය.නර්තන ශිල්පී කපිල පළිහවඬනගේ ‘නටන්ඩ’ නර්තන පාසලින් බැලේ නර්තනය පිළිබඳව ද හදාරා ඇති ඒමි කලම්බු ෆැෂන්වීක්, අයිෆා හා එල්.අයි.එෆ්.ටී. යන මෝස්තර නිරූපන සංදර්ශන සඳහා ද මෝස්තර නිරූපනයෙන් දායක වී ඇත.

වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වූවාය.ඇයට තවත් බාල සහෝදරියක් ඇති අතර, ඒමි ඩී.එෆ්.සී.සී. බැංකු හා මොබිටෙල් වෙළෙඳ දැන්වීම් සඳහා ද පෙනී සිට ඇත.
 

‘මට සදේශ් හමුවුණා : ඒත් චිත‍්‍රපටයක් ගැන අවසන් තීරණයක් නෑ’
මෙම පුවත සම්බන්ධයෙන් අපට දුරකථන ඇමතුමක් ලබාදුන් ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි කියා සිටියේ තමා සදේශ් කුමාර් සමඟ චිත‍්‍රපටයක් නිපදවීමට මූලිකවටයේ සාකච්ඡුාවක් පැවැත්වූ බවයි.

කෙසේවුවද එහිදී පිටපත් හතරක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, නිපදවන්නේ කුමන පිටපතට අයත් චිත‍්‍රපටයද යන්න සම්බන්ධයෙන් අවසන් නිගමනයකට මෙතෙක් එළඹ නැති බවයි.එබැවින් එහි රඟපාන නළු නිළියන් සම්බන්ධයෙන්ද මෙතෙක් අවසන් තීරණයකට එළඹී නැතැයිද ඔහු කීය.



 
!
Bookmark and Share
 
 
Related Posts with Thumbnails