Ads 468x60px

.

ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා බියර් වලින් නෑවේ.

ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් පසුගිය දිනක බියර් වලින් නෑවී ගොස් ඇති බව වාර්තා වේ. ඊසාන දිග ජර්මනියේ පැවති පක්‍ෂ රැස්වීමකට මර්කල් පසුගියදා සහභාගී වී ඇති අතර, එහිදී ඇය වෙත බියර් ගෙන ආ 21 හැවිරිදි සේවකයා අත තිබූ බියර් බන්දේසියම මර්කල්ගේ ඇෙඟ් හැලී ඇත.ජර්මනියේ බලවත්ම කාන්තාව ඉදිරියේ සිදුවූ මෙම සිද්ධියෙන් ඉතා ලැජ්ජාවට පත්වී ඇති සේවකයා පසුව ටැබ්ලොයිඞ් මාධ්‍ය වෙත පවසා තිබුනේ පිටුපසින් සිටි අයෙකු විසින් තමාව තල්ලූ කළ බවත්, ඒ හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවූ බවත්ය.


මෙම සිද්ධිය ඇතුළත් වීඩියෝව අන්තර්ජාලය පුරාවට ලැව්ගින්නක් මෙන් පැතිරී ගොස් ඇති අතර, පසෙකින් ඇවිද යන පුද්ගලයෙකුගේ ඇෙඟ් වැදී බියර් බන්දේසයම පෙරලෙන අයුරු එමගින් දැක්වේ.

මෙම සිද්ධියෙන් මර්කල් ගේ කබාය බියර් වලින් තෙමී ගොස් ඇති නමුත්, මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් සේවකයාට ඇය සංග‍්‍රහ කර ඇත්තේ බැනුමෙන් රැවුමෙන් නොව සිනහවකිනි.මෙම සිද්ධිය සම්පූර්ණයෙන් ම පසෙකට දමමින් පසුව බියර් වීදුරුවක් ඔසවා සවුදිය පුරන මර්කල් වීඩියෝවේ දැක්වේ.මෙම සිදුවීමේ රූපපෙළක් පහත දැක්වේ.

merkel beer
 
Related Posts with Thumbnails