Ads 468x60px

.

අපිව බේරාගන්න කිසිම කෙනෙක්‌ හිටියේ නැහැ - නන්දා මාලිනි

ඔබයි රම්‍ය සඳ කිරණ නමින් ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා පසුගිය 01 දා කුවේට්‌ බලා ගිය විශාරද ගායිකා නන්දා මාලිනි මහත්මිය පැය තුනකට අධික කාලයක්‌ එම ගුවන්තොටුපොළේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් කළ විමසීමකදී නන්දා මාලිනි මහත්මිය මෙසේද කීවාය.


කුවේට්‌ එයාර්පෝර්ට්‌ එකේදී අපිව බේරාගන්න කිසිම කෙනෙක්‌ හිටියේ නැහැ..... යෑයි කුවේටයේදී පොලිස්‌ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ව මෙරටට පැමිණි විශාරද නන්දා මාලිනී මහත්මිය කීවාය.

මමත්, සුරේෂ් මාලියද්ද ඇතුළු වාද්‍ය ශිල්පීන් කිහිපදෙනකුත් කුවේට්‌ ගියේ ඔබයි රම්‍ය සඳ කිරණ ප්‍රසංගය කරන්න. ඒ ප්‍රසංගයේ අරමුණු වුණේ සාමනේර භික්‍ෂූන් වහන්සේලා පස්‌ නමකට ශිෂ්‍යත්ව පිරිනැමීමට සහ කුවේටයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකුට හෝ යළි අපේ රටට එන්න උදව් කරන්න.........

ඒත් ලංකාවෙන් පිටත් වෙද්දීම කව්ද කෙනෙක්‌ ඔත්තුවක්‌ දීලා අපි කුඩු අරන් එනවා කියලා. අපි කුවේට්‌ යන්න කලිනුත් ඒ රටේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යාලය අපේ පාස්‌පෝට්‌ අංකත්, විස්‌තරත් අපේ රටෙන් ඉල්ලාගෙන තිබුණාලු. අපි ලංකාවෙන් පිටත් වුණාද කියලත් අහලා......

අපි ගෙන ගිය තබ්ලාව දෙකට පළලා.... ඇඳුම් බෑග් ඉරලා.. කුඩු තියෙනවද කියල පරීක්‍ෂා කළා. අපිට හරියට කරදර කළා. මගෙනුත් පැය ගණනක්‌ ප්‍රශ්න කළා. මොනවටද කුවේට්‌ ආවේ කියලා යෑයි නන්දා මාලිනී මහත්මිය වැඩිදුරටත් කීවාය.
 
Related Posts with Thumbnails