Ads 468x60px

.

බුදුන් වහන්සේ ප‍්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කළේ අදවන් දිනකය

hotandfastnews – මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.  බුදුන් වහන්සේ තම පියාණන්ට, උපන් ගමට සහ නෑ මිතුරන්ට කෘත ගුණ දැක්වීම සඳහා ප‍්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කළේ අදවන් දිනකය.
බෞද්ධ ඉතිහාසයේ සදහන් වන පරිදි, සුද්ධෝදන මහරජතුමාට බුද්ධත්වය ලැබූ ස්වකීය පුතණුවන් වූ බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට මහත් ආශාවක් ඇතිවිය. 


එබැවින් ඒ සඳහා ආරාධනා කිරීමට ඇමැතිවරයකු සමඟ දහසක පිරිවර රජගහ නුවරට පිටත්කොට යැවීය.එහි ගිය එම පිරිස බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය අසා පැවිදි වු නමුත් ආපසු කිඹුල්වතට නොපැමිණියහ. පෙර කී ආරාධනය ද අමතක කළ හ. මේ නිසා නැවතත් එවැනිම වූ පිරිසක් කිඹුල්වතට පිටත්කොට හැරී ය. එම පිරිස ද පෙර සේම බණ අසා පැවිදි වු නමුත් පෙර කී ආරාධනය අමතක කළහ.

මෙසේ වරින් වර දූත පිරිස් පිටත් කොට යවා එහි ප්‍රධාන අරමුණ ඉටුනොවූ හෙයින් නව වැනි වතාවට කාළුදායි ඇමැති ප්‍රමුඛ දහසක පිරිවර පළමුව යහ කරුණ ඉටු කරවන ලෙස පොරොන්දු කරවා එහි පිටත්කොට හැරීය. ගාථා 60 කින් යුත් අපූර්ව මාර්ග වර්ණයක් ද ඉදිරිපත් කරමින් ඔවුහු බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් නුවරට වැඩම වන මෙන් ආරාධනා කළහ.

යොදුන් 60 ක් දුර ගෙවා විසි දහසක් භික්ෂුන් වහන්සේලාද සමඟ වැඩම කළ එම කිඹුල්වත්පුර චාරිකාව නිසා විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබීමේ භාග්‍යය උදාවුණි.කෙසේවුවද,  ශ‍්‍රී ලංකික බෞද්ධ ජනතාව ශ‍්‍රී පාද ස්ථානය වන්දනාමාන කිරීම සදහා වැඩි වශයෙන් එක්වන්නේ ද මැදින් පුර පසලොස්වක පොහොය දිනයේ වීම විශේෂත්වයකි.
 
Related Posts with Thumbnails