Ads 468x60px

.

ලකුණු නවයකින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සී.බී.කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. 


ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 238 ක් රැස්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර සංගක්කාර ලකුණු 64 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 75 ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 51 ක් ලබාගත්තේය. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ ඩැනියෙල් ක්‍රිස්ටියන් විසින් තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක සහ නුවන් කුලසේකර දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් ඇතුළුව කඩුලු 05 ක් හිමිකරගත්තේය. 


අවසාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොරව අවසන්කරගත යුතුව තිබුන අතර මෙයට සුළු මොහතකට පෙර ලකුණු නවයකින් ශ්‍රීලංකා පිල ජයග්‍රහණය කිරීම  නිසා අවසාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබිය


 
Related Posts with Thumbnails