Ads 468x60px

.

ගණිකා ව්‍යාපාරය පූර්ණ ආරක්ෂාව යටතේ පවත්වාගෙන යෑමට කටයුතු කරයි.

රට පුරා ගණිකා වෘත්තියේ යෙදී සිටින්නියන් සහ එම ව්‍යාපාරය පවත්වාගෙන යන කුඩා මධ්‍යස්ථාන වැටලීමට විශේෂ නියෝග ලැබී ඇත.මේ අතර මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන ගණිකා මධ්‍යස්ථාන ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයන්ගේ පූර්ණ ආරක්ෂාව යටතේ නීතිමය බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇත. 


පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම වැටලීම් නියෝග කි්‍රයාත්මක කිරීමේ මුවාවෙන් ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලඥයන් බොහෝ දෙනෙකු මෙම නිවාස කරා ඇදී යන බවය. ඔවුන් යනඑන තැනවලට පොලිස් ආරක්ෂාව ලබාදීමට කි්‍රයාකිරීම නිසා එම මධ්‍යස්ථාන වැටලීමේ අනතුර දුරු කෙරෙන බව හෙළිවේ.

බම්බලපිටිය සුප්‍රසිද්ධ ජිනා මැඩම් නැමැත්තියගේ මධ්‍යස්ථානය මේ වනවිට යළි පවත්වාගෙන යන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ සමානවම වූ මධ්‍යස්ථාන 118ක් පමණ කොළඹ නගරය අශ්‍රිතව පවත්වාගෙන යන බව හෙළි කරගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
Related Posts with Thumbnails