Ads 468x60px

.

අනියම් ප්‍රේමය යුවළකට මරු කැඳවයි

මුහුණට මුහුණ බලා සිටින සේ...
බෙඩ්ෂීට් එක අඹරා කාමරයේ බාල්කයක එල්ලීලා...

 ඉඳුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි යුවළක් ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාලුපාරේ මුහුදු තීරයට ආසන්න මෙම හෝ‍ටලයට නවාතැන් ගනු පිණිස ඊයේ සවස 7.00 ට පමණ යුවළක් පැමිණි බවත්,මොවුන් අද පෙරවරු 11.00 ට පමණ යළි පිටත්වන බවත් හෝටල් කළමනාකාරිත්වයට දැනුම් දී සිට ඇති බව කියා සිටියි.



එසේ වුවද අද පෙරවරු 11.00 පසුවුවද දෙදෙනා නවාතැන් ගෙන සිටි කාමරයෙන් කිසිදු හෝඩුවාවක් නොවුණු තැන සේවකයින් විසින් දොරට තට්ටු කොට ආමන්ත්‍රණය කර ඇත.

‍එහෙත් කිසිදු හැලහොල්මනක් නොවූවෙන් සැක සිතුණු නිසා කොස්ගොඩ පොලීසියට දැනුම්දුන් බවත්,පසුව පොලීසිය පැමිණ දොර විවෘත කිරීමේදී දෙදෙනා මුහුණට මුහුණ බලා සිටින සේ බෙඩ්ෂීට් එක අඹරා ලණුවක් සේ භාවිතා කොට කාමරයේ බාල්කයක එල්ලී සිටිනු දකින්නට ලැබුණු බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

දෙදෙනා ආහාර ගනිමින් සිටි ආහාර,මත්පැන් බෝතලයක් හා වස කුප්පියක්ද,දැවී ගිය දිනපොතක සුන් බුන්ද කාමාරයේ තිබී හමුවී ඇති නිසා මොවුන් ඊයේ රාත්‍රීයේම එල්ලෙන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

කෙසේ වෙතත් මෙසේ මරණයට පත්ව ඇත්තේ කඩුවෙල පදිංචි 34 හැවිරිදි තරුණයෙකු සහ මහවත්ත,දකුණ කුණ්ඩසාලේ ලෙස ලිපිනය සඳහන් වන 24 හැවිරිදි තරුණියකි.

පිරිමි පුද්ගලයා විවාහකයකු බවත් ඔහු වයස අවුරුදු 5 ක දරුවකුගේ සහ සිව් මසැති බිලිඳියකගේ පියෙකු වන බවත්,තරුණිය අවිවාහක බවත් මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මරණයට පත්වූ පුද්ගලයා විවාහවී ඇත්තේ මරණයට පත්වූ මෙම අවිවාහක තරුණියගේ වැඩිමහල් සොයුරිය සමග බවත්,මෙම දෙදෙනා අතර අනියම් ප්‍රේම සබඳතාවක් පැවතුණු බවත් ප්‍රදේශවාසීහු පවසති.

කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails