Ads 468x60px

.

සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ දන්ත කුමරුට තවමත් නළුවෙකු සොයයි

මෙරට ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් වූ සිරි දළඳාගමනය පාදක කොට ගෙන එනමින්ම තැනීමට සූදානම්වන ‘සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ දන්ත කුමරුට රගපෑමට තවමත් නළුවෙකු සොයමින් සිටින බව වාර්තා වේ.

 
මහින්දාගමනය අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා සිදු කෙරුණි.

කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වා ඇත්තේ එම චිත‍්‍රපටයට අවශ්‍ය ප‍්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත‍්‍රයේ හාස්‍යට ලක්ව ඇතැයි වාර්තා වේ.

දන්ත කුමරුට රගපෑමට යොවුන් නළු හේමාල් රණසිංහට ආරාධනයක් ලැබී ඇතැයි මේ අතර, වාර්තා වේ.ඔහු ඒ සඳහා තවමත් එකගවී නැතැයිද පැවසේ.මෙම චිත‍්‍රපටයේ හේමමාලි කුමරියගේ චරිතය රඟපෑමට වරම් ලබා සිටින්නේ ගිය වසරේ ලක් රූ රැජන වූ පුෂ්පිකා සඳමාලිය.

මේ චිත‍්‍රපටය නිපදවනුයේ මෙරට ප‍්‍රමුඛ පෙළේ චිත‍්‍රපට නිෂ්පාදිකාවක වන ඊ. ඒ. පී. චිත‍්‍රපට සමාගමේ සභාපතිනිය ආචාර්ය සෝමා එදිරිසිංහ සමඟ අකරවිට සංඝානන්ද හිමිපාණන් විසිනි.රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, රන්ජන් රාමනායක, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා ඇතුළු නළු නිළියන් රැසක් රඟන සුමින්ද වීරසිංහ කැමරාකරණයෙන් දායක වන මෙහි විධායක නිෂ්පාදනය නිහාල් සංජයගෙනි.

රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්, වෙලේගෙදර රණසිංහ කලා අධ්‍යක්ෂණයෙන්, සෑම් පෙරේරා කොණ්ඩා සැකසුමෙන් ද, සංජය නිපුනආරච්චි අංග රචනයෙන් ද, මනුරංග අබේසිරිවර්ධන සහ වර්නන් අබේසිංහ සහය අධ්‍යක්‍ෂණයෙන් මෙයට දායක වෙති.රංග දසනායක මෙහි සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායක වන අතර තිස්ස ලියනආරච්චි නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කරනු ලබයි.








 
Related Posts with Thumbnails