Ads 468x60px

.

ගීතාගේ දේශපාලනය

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායිකා ගීත කුමාරිසිංහ මහත්මියට "මැඩම්" යයි ආමන්ත්‍රණ නොකිරීම නිසා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරිය වන අනුෂා බටවල ගමගේ මහත්මිය මාරු කර යවා ඇති බව වාර්තා වේ.


"ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් අනුෂා බටවල ගමගේ මහත්මිය අතිමහත් සේවාවක් ප්‍රදේශයට කළා.දැන් තියෙන තත්වය අනුව එක්තරා දේශපාලනවරියකට "මැඩම්" කිව්වේ නෑ කියල මෙහෙම මාරුකර යවා තිබෙනවා.

මෙවැනි අසාධාරණ බලපෑම් සිදුවීම නැවැත්විය යුතුයි. ඉතා හොඳින් වැඩකළ ප්‍රාදේශීය ලේකම්වරියක ඇල්පිටියට අහිමිවී තිබෙනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා යවන ලෙස ඉල්ලා සිටිනවා".


දකුණු පළාත් මාසික රැස්වීමේදී මේ පිළිබඳව හෙළිදරව් කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතා විසිනුයි.


 
Related Posts with Thumbnails