Ads 468x60px

.

පිටිදුවේ සිරිධම්ම හිමියන්ට පවරා ඇති නඩුව සමථයකට

පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් දෙහිවල බෙල්ලත්තර පුටුමගේ ශ‍්‍රී සදහම් ආශ‍්‍රමය නමින් ආගමින් ස්ථානයක් පවත්වාගෙන යමින් අවට නිවැසියන්ට හිරිහැර වන ලෙස පාර දෙපස කොඩි කණු සිටවා පාර හරහා විශාල තොරණක් ඉදිරිකර මාර්ග විදුලි රැහැන් සහ සහ යකඩ
පුවරු සවිකර මාර්ගය අවහිර වන ලෙස කටයුතු කරන බව පවසමින් නිවැසියන් 11 දෙනෙකු විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ පවරා ඇති නඩුව සමථයකට පත් කිරීමට දෙපාර්ශ්වයම අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ සාකච්චා කර කරුණු දක්වන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

මීට පෙර අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කරමින් පැමිණිල්ලේ සඳහන් කරුණු වළක්වා තිබිනි.
 
Related Posts with Thumbnails