Ads 468x60px

.

ගූගල් අත්හරින්නලු විමල් කියයි

ඇමරිකානු සන්නාම නාම යටතේ තිඛෙන කිසිඳු භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා  කොළඹ හයිඩ් පිටියේදී පැවති රැළියකදී අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේය.


ඇමරිකාවේ නිපදවන කුඩා දේවල් පවා ප්‍රතික්ෂේප කිරීමට දරුවන්ගෙන් පවා ඉල්ලා සිටින බවත්, දෙමාපියන් පවා දරුවන් ඊට හුරුකල යුතු බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහු එහිදී තවදුරටත් පවසා සිටියේ පෙප්සි, කොකාකෝලා, මැක්ඩොනල්ඩ්ස්, කේ.එෆ්.සී වැනි නාම  ප්‍රතික්ෂේප කිරීම  ජනතාව අද සිටම ආරම්භ කල යුතු බවයි.එපමණක් නොව, ගූගල් සර්වරය භාවිතා කිරීම අතහැරිය යුතු බවත්,  ජීමේල් ගිණුම් භාවිතා කරන ශ්‍රී ලාංකිකයින් එය අත්හැරීමට කටයුතු කල යුතු බවත් තමාද දැනට භාවිතා කරනු ලබන්නේ ජී.මේල් ගිණුමක් වුවත් හෙට සිටම එය භාවිතා කිරීම අතහරින බවත්  අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස නැඟී සිටීමට නම් ගූගල්, ජීමේල්, යාහූ හා ඇමරිකාවේ නිශ්පාදිත බීම වර්ග ඇතුළු සියළුම ඇමරිකානු නිෂ්පාදන සියල්ලම වර්ජනය කළ යුතු බව ඇමති විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු අද මේ බව පැවසුවේ ජිනීවාහිදී ඉදිරිපත් වීමට නියමිත ඇමරිකානු යෝජනාවට එරෙහිව කරුණු දැක්වීම සඳහා හයිඩ් පාර්ක් කෝනර් හි පැවති ජනහමුවකදී.මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා.

"අපි ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ. එතකොට අපේ ශක්තිය අපිට පෙන්නන්න පුළුවන් ඇමරිකාවට. එතකොට ඔවුන්ට දැනෙයි අපේ ඒ බලපෑම. මමත් ජීමේල් විද්‍යුත් ලිපිනයක් පාවිච්චි කරනවා. නමුත් මම අද ඉඳන් ඒක පාවිච්චි කරන එක නවත්තනවා."

ඇමති විමල් වීරවංශ මහතා මෙවැන්නක් පැවසුවද ඔහු භාවිතා කරන්නේ ඇමරිකාවේ නිශ්පාදිත අයිෆෝන් එකකි. සියළුම ඇමරිකානු දේවල් වර්ජනය කරනවා නම් විමල් වීරවංශ මහතාට නැවත කිසි දිනක පරිගණක ඇසුරක් ලැබීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

තවද, විමල් වීරවංශ අමාත්‍යවරයා කොතෙක් ලංකාව ගැන කතා කළද ඔහුගේ පුතා අධ්‍යාපනය ලබන්නේ විදේශ රටකය.පහත දැක්වෙන්නේ මීට පෙර විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇමරිකාවේ ඩිස්නිලන්තයේ ගොස් විනෝද වන අවස්ථාවක ගත් ජායාරූපයකි




විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පසුගිය දේශපාලන වේදිකාවක ප්‍රකාශ කළේ අංගුලිමාල විසින් බුදු රජානන්වහන්සේට ගල් පෙරළු බවකි

 
 
Related Posts with Thumbnails