Ads 468x60px

.

යාහු 2,000ක් ගෙදර යවයි - ස්කයිප් 400ක් ගනී

යාහු වසරකට ඩොලර් මිලියන 375ක් ඉතිරික්...
ස්කයිප් කාර්යමණ්ඩලය 1,6000 ක් දක්වා විහිදේ ...

සිය කාර්යමණ්ඩලයේ සේවකයන් 2,000කගේ රැකියා අත්හිටුවන බව යාහු සමාගම කියා සිටියි. 

මෙම ප‍්‍රමාණය සමස්ථ යාහු කාර්ය මණ්ඩලයේ 14%කි. මෙම තීරණය හේතුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් ඉතිරි කර ගත හැකි බව යාහු සමාගම පවසයි.



මේ අතර, මයිකො‍්‍රසොෆ්ට් සමාගමට අයත් ස්කයිප් සමාගම සිය කාර්යමණ්ඩලය වර්ධනය කිරීමට යන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.මේ අනුව ලොවපුරා නගර පහක පවතින ස්කයිප් කාර්යාල සඳහා අළුතින් පුද්ගලයන් 400ක් බඳවාගැනීමට නියමිතයි.

මූලික වශයෙන් ලන්ඩන් හා ස්ටොක්හෝම් කාර්යාල සඳහා බඳවාගැනීම් සිදුකිරීමෙන් අනතුරුව, එස්ටෝනියාගේ ටලින් නුවර, චෙත් රාජ්‍යයේ ප‍්‍රාග් නුවර හා ඇමෙරිකාවේ පාලෝ ඇල්ටෝ නුවර හි කාර්යාල සඳහා බඳවාගැනීම් සිදුකෙරෙන බව ස්කයිප් සමාගම කියයි.

මෙම නව බඳවාගැනීම් වලින් පසුව ලොවපුරා සිටින ස්කයිප් කාර්යමණ්ඩලය 1,6000ක් පමණ වනු ඇතැයි එම සමගම වැඩිදුරටත් පවසයි.
 
Related Posts with Thumbnails