Ads 468x60px

.

ත්‍රිකුණාමල දිසාපති ජෙනරාල් ටී ටී ආර් ද සිල්වා තරුණ සොල්දාදුවන් දඩයමක

පුනරීන් ප්‍රහාරයේදී ඇඳක් යට 
හැංගිලා ...
දිසාපති නිල නිවසට නිතරම තරුණ සොල්දාදුවන් එවන ලෙසට නියෝග...

ත්‍රිකුණාමල දිසාපති ජෙනරාල් ටී ටී ආර් ද සිල්වා යනු යුද හමුදා සේවයේ සිටියදී අකාර්යක්ෂමතාව වසා ගැනීමට පන්සල්වලට හේත්තුවීම, හමුදාපති වරුන්ගේ ලග්න පලාපල බැලීම,අපල වලට ශාන්තිකර්ම කිරීම,බලි තොවිල් කිරීම වැනි ලාමක කටයුතු කල නිලධාරියෙකි.එසේම පුනරීන් ප්‍රහාරයේදී ඇඳක් යට සැඟව සිටියදී 9 වන ගජබා ඒකකයේ සොල්දුවන් පිරිසක් විසින් ඔහුව බේරා ගන්නා ලදී. 


එහෙත් පසුව අතිශයෝක්තියෙන් යුතු අසත්‍ය වාර්තා හමුදා මූලස්ථානයට සපයා රණවිරු පදක්කම් පවා ලබා ගැනීමට මෙම නිලධාරියා සමත් විය.  


ජෙනරාල් TTR ද සිල්වා හමුදාවේ Director Psy Ops සිටියදී හමුදා නිලධාරීන්ට උපදේශනය පුහුණුව ලබා දීමට උපදේශනය සඳහා ව්‍යාජ සුදුසුකම් ඇති D S රණවක නමැති පුද්ගලයා නිර්දේශ කොට යුද හමුදාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වංචා කරන ලදී. 
මෙම වංචාව රාවය පුවත්පත විසින් හෙළි කරනු ලදුව එවකට යුද හමුදාපති ව සිටි  ශාන්ත කෝට්ටේගොඩ මහතා විසින් අදාල පුහුණු කිරීම් නවතා දමා  පරීක්ෂණයක් පැවැත්වීමට නියම කලද  කෙසේ හෝ මෙම  පරීක්ෂණය යට ගැසීමට ඔහු සමත් විය.  
ජෙනරාල් TTR ද සිල්වා හමුදාවෙන් විශ්‍රාම යාමට ආසන්නව තිබියදී සේවා දිගුවක් ලබා ගැනීමට අනුරාධපුර හමුදා කඳවුරක තොවිලයක් කල අතර එය දිවයින පුවත් පත විසින් හෙළිදරව් කිරීම නිසා සේවා දිගුවකින් තොරව ඔහුට හමුදාවෙන් විශ්‍රාම යන්නට සිදු විය. විශ්‍රාම යාමෙන් පසු ඔහු ත්‍රිකුණාමලයේ දිසාපති ලෙසට පත් කරනු ලැබීය.  


අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් පාසල් අධ්‍යාපනයක් ඇති මෙම නිලධාරියා දිස්තික් කමිටු වලදී උසස් අධ්‍යාපනයක් ඇති ඉංජිනේරු සහ වියපෘති නිලධාරීන් ඉදිරියේ නිතරම මෝඩ කතා කීමෙන් තම ගරුත්වය සහ තනතුර හෑල්ලුවට පත් කරගන්නා බව ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ  නිලධාරීහු පවසති. 
මහචාර්ය රණවක යනුවෙන් හඳුන්වන වියාජ  මනෝ විද්‍යාඥයාගෙන් MICP නමැති බොරු  ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති මොහු රාජකාරි ලිපි ලේබන වලටද මෙම MICP බොරු ශාස්ත්‍රපති  උපාධිය සඳහන් කරන බවටද වාර්තා වේ. 
යුද හමුදාවේ සිටියදී සොල්දාදුවන් සමලිංගික සේවනය සඳහා බලහත්කාරයෙන් යොදවාගෙන සිටි ජෙනරාල් ටී ටී ආර් ද සිල්වා ත්‍රිකුණාමල දිසාපති නිල නිවසයටද මන්කි බ්‍රිජ් කඳවුරෙන් නිතරම තරුණ සොල්දාදුවන් එවන ලෙසට නියෝග කරන බව එම කඳවුරේ පාලන නිලධාරියෙකු පවසයි. 
මේ නිසා ත්‍රිකුණාමලයේ මන්කි බ්‍රිජ් කඳවුරට සේවය සඳහා සොල්දාදුවන් අදිමදි කරන බවත් හමුදා කඳවුරේ විනය පවත්වාගෙන යාම ගැටලුවක් බවත් නම හෙළි කිරීමට අකමැති මේජර්වරයෙකු අප සමග පැවසිය. 


 
Related Posts with Thumbnails