Ads 468x60px

.

කණපිට පෙරලුනු දෙරණ මිස් ශ්‍රී ලංකා ( ජායාරුප )

සුමුදු ප්‍රසාදිනී සැබෑ මිස් ශ්‍රී ලංකා ලෙස පිළිගනී...
විනිසුරුවරුන් ලබාදුන් ලකුණු එකතුකිරිමේදී ඇතිවූ ගැටළුවක්ලු... 
දෙදෙනා සම ජයග්‍රාහිකාවන් බවට...

පසුගියදා පැවැත්වුන දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහිකාව ලෙස නම් කරනු ලැබුවේ 19 හැවිරිදි විනු සිරිවර්ධනයි.නමුත් එම තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග බොහෝ දෙනා නොසතුටට පත්වී තිබෙනවා.ඒ කිරුල හිමි සුමුදු ප්‍රසාදිනිට බව කියමින්.



විනු සිරිවර්ධනට මිස් ශ්‍රී ලංකා කිරුල පළඳවා ඇය මිස් ශ්‍රී ලංකා ලෙස නම් කලත් සුමුදු ප්‍රසාදිනී විසින් එයට විරුද්ධ වී ඇති අතර දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂක වරයාට චෝදනාකොට ඇත.ඒ අනුව මේ පිලිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී දෙරණ ආයතනය සුමුදු ප්‍රසාදිනී සැබෑ මිස් ශ්‍රී ලංකා ලෙස පිළිගෙන ඇත.


විනිසුරුවරුන් ලබාදුන් ලකුණු එකතුකිරිමේදී ඇතිවූ ගැටළුවක් මත මෙය සිදුවී ඇති බව දෙරණ ආයතනය පවසයි.නමුත් අප වෙත වාර්තා වැන්නේ දේශපාලන බලපෑමක්ද මෙම ප්‍රතිඵලය විකෘති වීම පිටුපස තිබී ඇති බවයි.

ඒ අනුව සුමුදු ප්‍රසාදිනිට කිරුල ලබා දීමට දෙරණ ආයතනය තීරණය කර ඇති අතර විනු සිරිවර්ධනට ප්‍රසිද්ධියේ කිරුල පළඳවා ප්‍රචාරය කල නිසා
ඇයගේ කිරුල අහිමි නොකොට දෙදෙනා සම ජයග්‍රාහිකාවන් බවට පත් කිරීමට කටයුතු යොදා ඇත.


නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක රු රැජින තරඟයට ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ සුමුදු ප්‍රසාදිනී වේ.ඒ අනුව ඊයේ දිනයේ නැවත අවසාන මෝතා රුගත කිරීමක් සිදුකොට ඇති අතර අද 05) දිනයේදී එය විකාශය වීමට නියමිතයි













































































































































































































































































































































 
Related Posts with Thumbnails