Ads 468x60px

.

බ‍්‍රැන්ජලිනා යුවලට විවාහය සඳහා දිනයක් තවමත් නියම වී නැතිලු

සමලිංගික විවාහ නීතිගත කරන තෙක් විවාහ වන්නේ නැතිලු...


හොලිවුඩ් පුරයේ දැවැන්ත තරු යුවලක් වන ඇන්ජලිනා ජෝලි සහ බ‍්‍රැඩ් පිට් විවාහ ගිවිස ගෙන ඇතැයි වාර්තා වේ.


මේ පිළිබඳව සනාථ කරන පිට් ගේ ප‍්‍රකාශිකාවක් වන සින්තියා පෙට්-ඩාන්ටේ පවසා ඇත්තේ මොවුන් දෙදෙනාගේ විවාහය සඳහා දිනයක් තවමත් නියම වී නැති බවයි.



ඇන්ජලීනා (36) හා බ‍්‍රැඩ් (48) හමුවූයේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත‍්‍රපටියේ රූගත කිරීම් වලදීය.බටහිර මාධ්‍ය විසින් මෙම යුවල බොහෝවිට හඳුන්වන්නේ බ‍්‍රැන්ජලිනා ලෙසයි.


වසර 2005 සිට යුවලක් ලෙස එකට වෙසෙන පිට් හා ජෝලී හට දරුකමට හදාගත් ළමුන් තිදෙනෙකු ඇතුළුව දරුවන් සය දෙනෙකු සිටියි.මොවුන් දෙදෙනො මීට කලින් පවසා තිබුනේ සමලිංගික විවාහ ඇමෙරිකාවේ නීතිගත කරන තෙක් තමන් විවාහ නොවන බවයි.


කෙසේ වෙතත්, මෑතකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බ‍්‍රැඩ් පවසා තිබුනේ විවාහ වන ලෙස තම දරුවන් ඉල්ලා සිටින බවයි.මෙම පුවත ඇසීමෙන් ඔවුන්ගේ දරුවන් සියල්ලම ඉතා සතුටට පත්ව ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.


ජෝලි සහ පිට් දෙදෙනා හොලිවුඩ් තරු යුවළක් ලෙස පමණක් නොව සමාජ සේවකයන් ලෙස ද ප‍්‍රසිද්ධියක් උසුලයි.
 
Related Posts with Thumbnails