Ads 468x60px

.

උපන් දිනේට පවුලේ අයත් එක්ක මොනවහරි කෝලම් ටිකක් කරනවා - ෂෙරිල්

අනාථ නිවාසයකට දානයක් දෙන්නත් හිතාගෙන ඉන්නවා...

අමා ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර්ගේ උපන්දිනය යෙදී ඇත්තේ ලබන අප්‍රේල් 10 වැනිදාටය.

මෙම උපන්දිනේට පවුලේ අයත් සමග මොනවහරි කෝලම් ටිකක් කරන බව ෂෙරිල් සති අන්ත පුවත්පතකට පවසා තිබේ.එසේම ඇය අනාථ නිවාසයකට දානයක් දෙන්නත් සූදානමින් සිටින බව පැවසේ.


ඒ අනුව ඇය ලබන අපේ‍්‍රල් 10 වැනිදා සමරන්නේ ඇගේ 23 වැනි උපන්දිනේ බවත් වාර්තා වේ.වසර 2006 දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හිමිකර පත් ෂෙරිල් ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූවාය.

ඇයගේ මුල්ම සිනමා රංගනය සටහන්වූයේ බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත‍්‍රපටයෙනි.කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලද ෂෙරිල් කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා තිබේ.ඇයට සහෝදරියක් ද සිටී.
 
Related Posts with Thumbnails