Ads 468x60px

.

එපා.. එපා...කියද්දී ඒ පිරිස ගස් කැපුවා

ඇල්බීසියා ගස්‌ කීපයක්‌ පිරිසක්‌ බලෙන් කපන්නට වුණා...
මඩුවේ සිටි මිත්තනියක්‌ සහ මුණුබුරත් එකට යට වුනා...

කපමින් තිබූ ගසක්‌ මඩුවක්‌ මතට වැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් මඩුවේ සිටි මිත්තනියක්‌ සහ මුණුබුරකු මරුමුවට පත්වීම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් වතුහේන ගමරාළලාගේ වසන්ති කුමාරි තිලකරත්න (22) යන අය එසේ පැවසුවාය.


මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස්‌ ඇත්තේ දැරණියගල, රස්‌නකන්ද පදිංචිව සිටි පී. කේ. ආරියවතී (42) නමැති මිත්තනිය හා රත්නායක මුදියන්සේලාගේ නිම්සර විහඟ රත්නායක (මාස දහයයි) නමැති මුණුබුරකු වේ.

මියගොස්‌ සිටින්නේ මගේ මව හා අක්‌කාගේ දරුවා. 30 වැනිදා මම ගෙදර සිටියා. අපේ ගෙදරට උඩහින් තිබෙන ඇල්බීසියා ගස්‌ කීපයක්‌ පිරිසක්‌ බලෙන් කපන්නට වුණා. එම ගස්‌ අපේ ගේ පැත්තට වැටෙන නිසා කපන්නට එපා කිව්වා. එම ඇල්බීසියා ගස්‌ දින හතරක පමණ කාලයක සිට කැපුවා.

එම ගස්‌ කපන විට මගේ මවත් අක්‌කාගේ දරුවාත් මඩුවේ පුටුවක්‌ උඩ වාඩිවී සිටියා. එම ඇල්බීසියා ගස්‌ අදින විට ඒවා මඩුව ආසන්නයේ වැටුණා. එම ඇල්බීසියා ගස්‌ කිතුල් ගසක්‌ උඩට වැටී පසුව එම ගස මගේ අම්මාත්, අක්‌කාගේ දරුවාත් සිටි මඩුව මතට වැටුණා. මඩුවට යටවී සිටි අම්මා ඉතා අමාරුවෙන් සොයා ගත්තා. 


අක්‌කාගේ පුතාද ඉවතට ගත්තා. අම්මාගේ කටින් හා නාසයෙන් ලේ ගලමින් තිබුණා. අක්‌කගේ පුතාගේ කටින් ද ලේ ගලමින් තිබුණා. මගේ අම්මා හා පුතාව දැරණියගල රෝහලට ගෙන ගියා. අම්මා රෝහලේදී මියගියා. පුතාව කරවනැල්ල රෝහලටත් එම රෝහලින් කොළඹ ජාතික රෝහලටත් ගෙන ගියා. එහිදී පුතා මියගියා. මෙම මරණ ගස්‌ කැපූ අයගේ නොසැලකිල්ල නිසයි .
 
Related Posts with Thumbnails