Ads 468x60px

.

අඬු කඩනවා කිව්වයි මර්වින්ට පොලිසිය එරෙහි වෙයි

බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම මර්වින් යටතට...
ප‍්‍රකාශ හතරක් පිළිබඳව නීතිමය ක‍්‍රියාමාර්ග...

ජිනීවා නුවරට ගොස් රට පාවාදුන් මාධ්‍යවේදීන්ගේ සහ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ගේ අඬු කඩන බවට අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල ප‍්‍රකාශය ඇතුළු ප‍්‍රකාශ හතරක් පිළිබඳව ගත හැකි නීතිමය ක‍්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සොයාබලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටී.

අමාත්‍යවරයා සිදුකල ප‍්‍රකාශ 4ක් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බවත් එම ප‍්‍රකාශවල ඇති බරපතලකම සහ ඒ ප‍්‍රකාශවලට අදාලව නීති විරෝධී යමක් සිදුවී තිබේද යන්නත් සොයි බලන බවද ඔහු පවසයි.මෙම සොයා බැලීම්වලින් පසු අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටී.


මේ අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාත්මක වන පුළුල් වැඩසටහනක මුලසුන ජනාධිපතිවරයා විසින් අමාත්‍යය මර්වින් සිල්වා වෙත පවරා තිබේ.

ඒ අනුව දුෂ්කර ගම්මාන වල කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ඵෛතිහාසික වටිනාකමක් ඇති පන්සල් දේවාල ආදියේ ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සොයා බලා ජනපති දැනුවත් කිරීමේ කටයුත්ත මර්වින් සිල්වාට පවරා ඇත.

විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාම බුද්ධ ශාසනයේ පැවැත්මට බාධාවක් බැවින් භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාමට හේතුවූ කරුනුත් ඔවුන්ගේ පවුල් පසුබිම් පිලිබඳ වාර්තාවකුත් ජනාධිපතිවෙත ලබාදීම අමාත්‍ය මර්වින් සිල්වා වෙත පැවරී ඇත.

මෙම වැඩසටහන යටතේ අනුරාධපුර වීර කැප්පෙටිපොලගේ පිළිරුවේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සිදු කර ඇති අතර ඵෛතිහාසික මහියංගන චෛත්‍ය රාජයාගේ සුදු හුණු පිරියම් කිරීම සඳහාද දායක වී තිබේ.


 
Related Posts with Thumbnails