Ads 468x60px

.

මස්සිනාගේ කට නිසා ජීවන්ට කුණු බැණුම්

කුණුහරුපයෙනුත් බැණලා...
කට පරිස්සම් කරගෙන ඉන්න කියලා..

සුදු වෑන් රථයකින් පැහැරගෙන යනු ලැබූ තමාව නිදහස් කර ගැනීමට මැදිහත් වූයේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බවට ජීවන් කුමාරතුංග ඇමතිවරයාගේ සොහොයුරු, හිටපු පලාත් සභා මන්ත‍්‍රී සාගර සේනාරත්න මහතා ‘දිවයින’ පුවත්පතට කර තිබූ ප‍්‍රකාශයෙන් කෝපයට පත් ජනාධිපතිවරයා ජීවන් කුමාරතුංග ඇමතිවරයාට කුණුහරුපයෙන් බැණ වැදී තිබේ.


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජීවන් කුමාරතුංග ඇමතිවරයාද දුරකතන ඇමතුමක් ලබා දී, සාගර සේනාරත්නට කට පරිස්සම් කරගෙන සිටින ලෙසත් එසේ නොවූවොත් ඉදිරියේදී අනවශ්‍ය කරදර ඇති විය හැකි බවටත් අනතුරු හගවා ඇත. කිසිදු මාධ්‍යකට කිසිවක් හෝ ප‍්‍රකාශ නොකරන්නැයි මස්සිනාට තදින් අවවාද කරන ලෙසද ආරක්ෂක ලේකම්වරයා ජීවන් ඇමතිවරයාට දැඩිව ප‍්‍රකාශ කර ඇත.

දිවයින පුවත්පතෙහි සාගර සේනාරත්න මහතාගේ ප‍්‍රකාශයක් දිවයින පුවත්පතේ පලවීමත් සමඟ පොලිස්පතිවරයාට කතාකොට ඇති ආරක්ෂක ලේකම්වරයා, සාගර සේනාරත්න විසින් ජාඇල පොලිසියට ලබා දුන් කටඋත්තරය වහාම ඉවත්කරන ලෙසත් මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන ලෙසත් දැනුම් දී තිබේ.

ඒ අනුව පසුගිය 26වැනිදා රාත‍්‍රී 8.30ට පමණ මිරිහාන පොලිසිය අසල ඇති ජුබිලිකණුව මංසන්දියේදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගැනීමට ලක් වූ සාගර සේනාරත්න මහතා පිළිබඳව පොලිස් පරීක්ෂණ නවතා තිබේ.

මෙම පැහැරගැනීම කප්පම් ගැනීමේ තැතක් ලෙස දක්වන්නට ආරක්ෂක අමාත්‍යාංශ උත්සාහ කළද, පැහැරගැනීමට ලක් වූ සාගර සේනාරත්න මහතා දිවයින පුවත්පතට ප‍්‍රකාශ කර සිටියේ, ජීවන් කුමාරතුංග ඇමතිවරයාත්, ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් තමා නිදහස් කර ගැනීමට මැදිහත් වූ බවයි. මෙහිදී මතුවන පරස්පරතා රැසකි. සාගර සේනාරත්න හිටපු මන්ත‍්‍රීවරයාව පැහැරගත් වුන් ගෙන් මුදවා ගත්තේ ආරක්ෂක අංශය විසින් නම් ඉහත ප‍්‍රකාශ නිවැරදි වීමට ඉඩ තිබේ.

ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වී ඔහු බේරා ගත්තේනම් පැහැරගත් පුද්ගලයින්ට දුරකතනය මගින් කතා කොට ඇත්තේ ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ගේ නියෝජිතයකු නොවේද යන ගැටලූව මතුවේ. පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරක්ෂක ලේකම්වරයාගේ නියමයෙන් යට ගැසීම බරපතල කාරණයකි.

එසේම සාගර සේනාරත්න හිටපු මන්ත‍්‍රීවරයා පැහැරගත් වාහනයේම සිටිය අයයි කියන පැහැර ගැනීමට ලක් වූ අනික් පුද්ගලයාද සිදු වුයේ කුමක්ද යන ප‍්‍රශ්නයද බරපතල කාරණයකි.
 
Related Posts with Thumbnails