Ads 468x60px

.

දින 42ක් පුරාවට පොල් ගස මුදුනේ උපවාසයේ

මට දරුවෙක් ඉන්නවා...
තව දරුවෙක් ලැබෙන්න ඉන්නවා...
මට මේ අය ජීවත් කරගන්න විදිහක් නෑ...

තම ඉල්ලීම් දෙන තුරු පොල් ගසකට නැඟ උපවාසයේ යෙදී සිටින පුද්ගලයෙක් පිළිබඳ පුවතක් ගිරිබාව පොලිස්ථානයෙන් වාර්තා වේ.


රාජාංගණය ගිරිබාව ප‍්‍රදේශයේ පදිංචි එච්. ඩී. විමලරත්න නම් මොහු තිස් එක් හැවිරිදි වියෙහි පසුවෙයි.

‘‘මගේ ගැහුණු මනුස්සයට සතියකට වරක් ඉන්ජෙක්සන් ගහන්න  ඕනේ, එයාට දියවැඩියාව, මට දරුවෙක් ඉන්නවා, තව දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මට මේ අය ජීවත් කරගන්න විදිහක් නෑ’’ යනුවෙන් කියා මොහු උපවාසයේ යෙදි සිටියි.

පසුගිය අපේ‍්‍රල් 13 වැනිදා පොල් ගසට නැඟි මොහු මේ වන විට දින 42ක් පුරාවට පොල් ගස මුදුනේ රුදී සිටින බව පොලිසිය පවසයි.

ගම්වාසීන් එක්ව පොල්ගස කපාදැමීමට උත්සාහ කළද එම අවස්ථාවේදී ඔහු ගහෙන් බිමට පැන දිවි නසාගැනිමට තැත් කළ බවද පොල්ගසේ අට්ටාලක් සාදා දිවා රාතී‍්‍ර දෙකම ගතකරන මොහුට ආහාර ලබාදෙන්නේ කඹයක ආධාරයකින් බවද පැවසේ.
 
Related Posts with Thumbnails