Ads 468x60px

.

ප‍්‍රසිද්ධ ටෙලි නිළිය දරු ගැබක් ඉවත් කරයි - ඇමතිවරයා සිත් තැවුලෙන්

පසුගිය වෙසක් පොහොය දිනයේ මෙම කටයුත්ත මඟ හැරී තිබුනා...

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළියක් විසින් සිය තුන් මසකට මදක් වැඩි දරු ගැබක් විනාශ කර දමා ඇතැයි විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


අද පෙරවරුවේ කොළඹ පිහිටි ප‍්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකදී මෙම කටයුත්ත සිදු කරගෙන ඇති අතර රෝහල් බලධාරීන්ට ඇය පවසා ඇත්තේ අධික ලේ වහනය වීමක් හේතුවෙන් දරු ගැබ විනාශ කල යුතු බවයි.

පසුගිය වෙසක් පොහොය දිනයේද නිළිය මෙම කටයුත්ත සඳහා වෛද්‍ය ආයතනයක් වෙත ගොස් තිබුනද එහිදී එය සිදු කිරීම කිසියම් හේතුවක් නිසා මඟ හැරී තිබිනි.

වාර්තා වන අකාරයට අදාල පිළිසිඳ ගැනීම සිදුව ඇත්තේ රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකු හා තිබූ සම්බන්ධයක් හේතුවෙන් වන අතර මේ පිළිබඳව අදාල නිලියගේ සැමියාද දැන සිට ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් දරුවන්ට දැඩිව ඇළුම් කරන ඉහත ප‍්‍රබල අමාත්‍යවරයා පසුගිය ඉරිදා දිනයේ නිළියගේ සැමියා හමු වී පවසා ඇත්තේ දරුවාගේ සියළු වගකීම වියදම් සියල්ල තමන් බලා ගන්නා බැවින් දරු ගැබ විනාශ නොකරන ලෙසයි.

එහිදී ඊට එකඟ වී ඇති සැමියා පවසා ඇත්තේ දරු ප‍්‍රසූතිය වන තෙක් ඇයව විදෙස් ගත කරන ලෙසය.එකඟ වූ පරිදි කටයුතු නොකිරීම මෙන්ම තනි තීරණයට දරු ගැබ විනාශ කිරීමේ හේතුවෙන් අමාත්‍යවරයා බලවත් සිත් තැවුලෙන් පසුවන බවද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් අප කල විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ තමා මේ ලෝකයේ ආදරය කරන කාන්තාවන් අතරින් වැඩියෙන්ම ලෙන්ගතු හා ආදරය කරන කාන්තාව එම නිළිය බවයි.

එවැනි ආදරයක් දක්වද්දීද ඇය තමාගේ දරුවා නැතිකර දැමීම තම ජීවිතයට විශාල දුකක් ඇති කළ බවද ඔහු කීය.වරක් අදාල නිළිය සමග තමා සම්බන්ධතාවයක් පවත්වනේදැයි රජයේ ප‍්‍රබලම අයෙක් ප‍්‍රශ්න කළ අවස්ථාවේදීද තමා එය නොසගවා එවැනි සම්බන්ධතාවයක් ඇති බව පිළිගත් බවද ඔහු පැවසීය.

එසේම තමා ආණ්ඩුවට දැඩි ලෙස ආදරය කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධය හේතුවෙන් ආණ්ඩුවට අපහසුතාවයක් ඇති නොවන්නට මෙතෙක් කටයුතු කළ බවද කීය.කෙසේවුවද මේ සිද්ධිය හේතුවෙන් තමන් හා නිළිය අතර තිබෙන සම්බන්ධය පළදුවී නැති බවද පැවසූ අමාත්‍යවරයා තමාට ඇත්තේ දරුවා නැති කිරීම සම්බන්ධයෙන් පියෙකුට දැනෙන දුකක් බවද පැවසීය.




ප‍්‍රසිද්ධ ටෙලි නිළියක් දරු ගැබක් ඉවත් කරවා ගැනීමට පෙරැත්ත කරලා



 
Related Posts with Thumbnails