Ads 468x60px

.

පිය පුතු ගඟට පැන්නා ද? මරා ගඟට දැමුවාද

ආර්ථික ප්‍රශ්නයක්‌ හේතුවෙන් කලකිරීමකින් හිටියලු...

අම්බලන්ගොඩ හල්වතුර ගඟේ පාවෙමින් තිබූ පිය පුතු දෙදෙනකුගේ මළ සිරුරු දෙකක්‌ ඊයේ (25) අම්බලන්ගොඩ පොලිසිය විසින් සොයාගෙන ඇත. 


මෙසේ මියගොස්‌ ඇත්තේ ඇත්කඳුර පහලගස්‌ගොඩ පදිංචිව සිටි හතලිස්‌පස්‌ හැවිරිදි කිංස්‌ලි සේනාරත්න හා ඔහුගේ බාල පුතා වන අට හැවිරිදි ලක්‍ෂාන් සේනාරත්න යන අයයි.

මියගිය කිංස්ලි මහතාට පසුගිය කාලයේ ඇතිවූ අසනීප තත්වයක් මත කිසිවක් කර කියා ගැනීමට නොහැකි වීමෙන් තම නිවසේ ආර්ථිකය ඉතාම දුෂ්කර වීමෙන් දැඩි කලකිරීමකින් පසුවූ බවත් ඒ පිළිබඳ නිතර නිතර කල්පනා කරමින් සිටි බවත් වා ර්තා වේ.

පෙරේදා (24) සවස සිය දරුවාද රැගෙන කිසියම් කටයුත්තක්‌ සඳහා බටපොල දොරල ප්‍රදේශයට ගොස්‌ ඇත. ගෙදර ආපසු නොපැමිණි නිසා නිවැසියන් ඒ බව ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ. අනතුරුව ඊයේ (25) උදෑසන මළ සිරුරු දෙක හමුවී තිබේ.

මියගිය ලක්‍ෂාන් සේනාරත්න දරුවා ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි. මරණ දෙක පිළිබඳව පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ආර්ථික ප්‍රශ්නයක්‌ හේතුවෙන් කලකිරීමකින් මෙම පියා තම පුතා කැටුව ගඟට පැන්නා ද? එසේ නැතිනම් ඔවුන් දෙදෙනා කිසිවකු විසින් ඝාතනය කර ගඟට දමා ඇත්ද? යන්න ගැන පොලීසිය පරීක්‍ෂණ මෙහෙයවන බවද පැවසේ.
 
Related Posts with Thumbnails