Ads 468x60px

.

අන්තිමට මගේ කකුල් වල ටිෂූත් ගියා, ඇවිදින්නත් බැරිවුණා - අරුණී

තාම පෙම්වතෙක් නෑ...
අඩි හයකටත් වඩා උස පෙම්වතෙක් නම් හොඳයි...

සොදුරු රුවක හිමිකාරීත්වය දැරීමේ අභිමානය ඇයට හිමිය. ඒ තුළින් රට අභිමානයට පත් කිරීමේ ගෞරවයද ඇයට හිමිය. ඇය දැන් නිරූපිකාවක් , නිවේදිකාවක් පමණක් නොවේ. සිනමා නිළියකි. 


මේ දිනවල තිරගත කෙරෙන සුපර් සික්ස් චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන අරුණී රාජපක්ෂ සමග එක් වූ අවස්ථාවයි මේ.


අරුණි දැන් සිනමා නිළියක්. සුපර් සික්ස් සමඟ ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මේ මගේ පළවෙනි චිත‍්‍රපටය. මේ දිනවල එහි ප‍්‍රචාරක කටයුතුවල නියැලෙනවා. ලංකාවේ කරපු බොලිවුඞ් චිත‍්‍රපටයක් විදහයටයි මට ඒක දැනෙනේන්නේ.

කොහොමද සුපර් සික්ස් අනෙක් චිත‍්‍රපටවලින් වෙනස් වෙලා තියෙන්නේ.
මෙච්චර කල් අපි බොලිවුඞ් චිත‍්‍රපට බලලා දුක්වුණා ඇයි අපට මේ වගේ චිත‍්‍රපට කරන්න බැරි කියලා. සුපර් සික්ස් ඒ අඩුව පිරෙව්වා. ඒක තමයි ලොකුම වෙනස. ඒ හැර තාක්ෂණ භාවිතය, නර්තනය මේ සියල්ල උපරිම මට්ටමක තියෙනවා. මම කියන්නේ නෑ මීට කලින් හොඳ සිංහල චිත‍්‍රපට බිහිවුණේ නෑ කියලා. ගොඩක් හොඳ චිත‍්‍රපට තියෙනවා. සුපර් සික්ස් ඒ අතරින් වෙනස්.

මේ වගේ දැවන්ත නිර්මාණයකට සූදානම් වුණේ  කොහොමද?
අවුරුදු දෙකකට කලින් රුපගත කිරීම් සිදුකරේ. උදාර අධ්‍යක්ෂකවරයා විදිහට හොඳට මේක සැලසුම් කළා. රූගත කරන්න මාස ගණනකට කලින් ඉඳලා නර්තන පුහුණුවීම් කරා, වැඩමුළු පැවැත්වුවා. ඒ නිසා අපට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා.

නවක නිලියක් විදිහට ලැබුණු සහයෝගය මොන වගේද
අධ්‍යක්ෂවරයාට තමයි සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ. ඒ හැර මගෙත් එක්ක හිටපු සහෝදර නළු නිලියන් සමඟ ගොඩක් හොඳින් කාලය ගත කළා. ඒ වගේ ම නර්තන පුහුණුකරු වූ ගයාන් ශ‍්‍රීමාල්ගෙන් ලැබුණු සහයෝගයත් මතක් කරන්න  ඕනේ.

සුපර් සික්ස් සමඟ ගෙවුණු කාලයේ අමතක නොවන සිදුවීම් මොනවද?
ගොඩක් තියෙනවා. ඒ අතරින් එකක් කියන්නම්. මේ චිත‍්‍රපටයේ තියෙනවා වේග රිද්මයේ ගීතයක්. ඒකෙ නර්තන පුහුණුකරු ඉන්දියාවෙන් ගෙන්නුවේ. රූගත කිරීමට දවස් තුනකට කලින් ඉඳන් දිගටම පුහුණුවීම් කළා. අන්තිමට මගේ කකුල් වල ටිෂූ ගිහින් ඇවිදින්නත් බැරිවුණා. මේ සිංදුවට එන්නේ නෑ කියලා අන්තිම තීරණයට ආවත් පුහුණුවීම් හැම දෙයක්ම අපතේ යන නිසා අන්තිමට කොහොම හරි ගීතයට පෙනී සිටියා.

සිනමාවේ දිගටම ?දෙන්න බලාපොරොත්තුවක් තියනවද?
ඔව්. සුපර් සික්ස් සමඟ මට සිනමා නිලියක් වීමේ කැමැත්ත ඇති වුණා.

ටෙලි නාට්‍යවලට අකමැතිද?
ටෙලි නාට්‍යවල රඟපාන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වුණාට අවුරුදු 4කට විතර කලින් මම ස්වර්ණවාහිනියේ විකායශනය වුණු ‘‘තරුවක් වගේ’’ නාට්‍යයේ රගපෑවා.

වෘත්තීමය නිරූපිකාවක් විදිහට ඔබ දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ජයග‍්‍රහණ රැසක් අත්කර ගෙන තියෙනවා.
ඔව්. මම මේ ක්‍ෂේත‍්‍රයට එන්නෙම 2004 වර්ෂයේ ‘උඩරට මැණිකේ’ කියන කිරුළ ජයග‍්‍රහණය කිරීමත් සමඟ. පසුව නිරූපණ ක්ෂේත‍්‍රයට ආවා. 2005 දී මම ‘කැප්රි කුවීන්’ වුණා. 2007 දී මිස් ශ‍්‍රී ලංකා වීමෙන් පසුව 2008 ලෝක රූ රුජින තරගයට සහභාගි වුණා. 2008 දී මිස් ඉන්ටර්නැෂනල් තරගය, ඉන් පසුව මිස් ටුවරිසම්, 2012දී මිස් බ‍්‍රයිඞ් ඔෆ්ද වර්ල්ඞ් ආදී තරග නියෝජනය කරලා විවිධ ජයග‍්‍රහණ අත්කර ගත්තා.

අලූතෙන් පටන් ගත්ත හිරු ටීවී එකට ඔබ නිවේදිකාවක් විදිහට එකතුවෙනවා.
ඔව්. හිරු ටීවී ආරම්භය දෙස බැලූවම ලොකු ගමනක් යයි කියලා හිතුනා. හොඳ පරිපාලනයක්, මාධ්‍ය හඳුනාගැනීමක් වගේම අපට ආරක්ෂාවකුත් ඒ තුළ තියෙනවා. මම මීට කලින් අවුරුදු දෙකාමාරක් ස්වර්ණවාහිනියෙන් නිවේදිකාවක් විදියට සේවය කළා.

අරුණි දැන් නුවරද පදිංචිය කොළඹද?
නුවර යන්නේ කාලයකින් මගේ වෘත්තීමය ජීවිතයත් එක්ක නුවර ඉන්න අපහසුයි. ඒ නිසා කොළඹ පදිංචිවුණා. මගේ අක්කත් මාත් එක්ක ඉන්නවා.

තනිකඩ ජීවිතයට සමුදීලා කූඩුවෙන් අදහසක් නැද්ද?
මට තාම පෙම්වතෙක් නෑනේ. වෙන්න තියෙන කාලෙට වෙයි.

බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කෙනෙක්ද?
මගේ ක්ෂේත‍්‍රයට පොඩි සම්බන්ධයක් හරි තියෙනවා නම් හොඳයි. මොකද ඒක අපිට අපිව තේරුම් ගන්න ලේසි වෙනවා. ඒ වගේම ගොඩක් උස වෙන්න  ඕනේ. අඩි හයකටත් වඩා උසයි නම් හොඳයි.

අරුණිගේ උස කීයද?
මම අඩි පහයි අඟල් අටක් උසයි.


මොනවද අනාගත බලාපොරොත්තු
බලාපොරොත්තු ගොඩක් නෑ.  ඕනෑම ගෑණු ළමයෙක් හිතන්නේ හොඳ විවාහයක් කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. වෘත්තිය ජීවිතයට අමතරව මට ඒ  බලාපොරොත්තුව තියෙනවා.
 
Related Posts with Thumbnails