Ads 468x60px

.

වතුර බොන ලිඳෙන් ඛණිජ තෙල්

ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එය දැකබලා ගැනීම සඳහා පැමිණෙයි...

කටුපොත ප‍්‍රදේශයේ පිහිටි පැරණි ළිඳකින් ඛනිජතෙල් මතුවීමට පටන් ගැනීම හේතුවෙන් එහි අයිති කරුවන්ට ලිඳ අතහැර දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. 


කටුපොතල නෙත්ති පොළ ගෙදර පිහිටා ඇති මෙම ලිඳ එකදාස් නවසිය හැත්තෑව දශකයේ දී පමණ ඉදිකරන ලද්දක් වන අතර අඩි 42ක පමණ ගැඹුරකින් යුතුය.

මීට වසර දෙකකට පමණ පෙර ලිඳේ ජලය මදිවීම නිසා නැවත ලිඳ ගැඹුරු කර ඇති අතර මේ වන තෙක් කිසිදු අපහසුවකින් තොරව එහි ජලය ප්‍රයෝජනයට ගෙන ඇත.

පසුව ළිං ජලය මත තෙල් වැනි යමක් පාවීමට පටන් ගෙන ඇති අතර ළිං ජලය හිස්කර පිරිසිදු කිරීමෙන් අනතුරුවද ජලය මත එම තෙල් වැනි දෙය පාවීම නිසා ලිඳෙන් ඛනිජතෙල් මතුවන බව ප්‍රදේශවාසීන්ගේ නිගමනය වී තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ පී. ටී. එම්. ධර්මාවතී මහත්මිය. 

මේ ළිඳ හැත්තෑව දශකයේ පමණ ඉදිකරන ලද්දක්‌. ඒ කාලේ වතුර හොඳට තිබුණා. ඒත් ජලය ප්‍රමාණවත් නොවූ නිසා මීට වසර දොළහකට පමණ පෙර නැවත ගැඹුරු කළා. එම වතුරද මේ වන තුරුම හොඳින් පැවතුණා. ඒත් මීට සති තුනකට පමණ පෙර සිට ජලය මත තෙල් වැනි යමක්‌ පාවීමට පටන් ගත්තා. අපි මුලදී හිතුවේ ජලය සමග කිවුල මිදී ඇත කියලා. ඒත් එම පාවෙන ද්‍රව්‍ය භූමිතෙල් හෝ ඩීසල් වලින් නිකුත් වන සුවඳක්‌ පැවතීම නිසා අපි ළිඳේ ජලය හිස්‌කර පිරිසිදු කළා. ඒත් අලුත් වතුර සමගත් ඒ තෙල් වර්ග උනනවා.

මේ සිද්ධිය අපට අදහා ගන්න බැහැ. අවට කිසිම ළිඳක මේ වගේ වෙලා නැහැ. අපි අහලත් නැහැ මේ ප්‍රදේශයේ මේ වගේ දෙයක්‌ සිදුවුණා කියලා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකතුමාටත් අපි මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒත් තවම ආවේ නැහැ පරීක්‍ෂාකර බලන්න.

එහි පදිංචි ධම්මිකා රණසිංහ මහත්මිය 


මෙම සිද්ධිය නිසා අපේ ගෙදරට දැන් ලොකු ජල ප්‍රශ්නයක්‌ ඇතිවෙලා. අවට නිවෙස්‌වල ළිංවලින් වතුර ගෙනත් තමයි දැන් ගෙදර පාවිච්චි කරන්නේ. මීට ඉස්‌සර අපේ ළිඳේ වතුර මේ ප්‍රදේශයේ හොඳම වතුර වශයෙන් කවුරුත් පිළිගත්තා. ඒත් දැන් තෙල් මිශ්‍ර ජලය නිසා කිසිම කෙනෙකුට පාවිච්චියට ගන්න බැහැ.

මෙසේ ළිඳක්‌ තුළින් තෙල් මතුවීම ප්‍රදේශයේ කිසිම ස්‌ථානයකින් මීට පෙර වාර්තාවී නොමැති නිසා පාවෙන ද්‍රව්‍යයෙන් භූමිතෙල් හෝ ඩීසල් සුවඳ නිකුත් වන අතර ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එය දැක ගැනීම සඳහා පැමිණෙති.


 
Related Posts with Thumbnails