Ads 468x60px

.

නෙහාරා මේනක සංසාර සක්මන හි මුහුරත් උළෙල දා

සංසාර සක්මනෙහි නිර්මාණ ක‍්‍රියාකාරීත්වය දිගහැරෙන්නේ මෙහෙමයි...

සත් රළ පෙළ, බාගෙට නෑයෝ,  ආදරේ අහස තරම්, පිණි අග පුළිගු යන ටෙලි නාට්‍ය නිෂ්පාදනයෙන් නිෂ්පාදන කරළියට පා තැබූ ප්ලස් වන් (PLUS ONE) නිෂ්පාදන ආයතනයේ නවමු නිර්මාණය වන ‘සංසාර සක්මන’හි මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණි.



ඒකාකාරී වූ ප‍්‍රධාන නළුවා සහ නිළිය වටා දිවෙන ටෙලි රාමුවෙන් බැහැරව ප‍්‍රධාන වූ චරිත කිහිපයක් වටා පෙළ ගැහුණු මෙම ටෙලි නාටකයේ පිටපත් රචකාවිය තුෂාරී අබේසේකරයි.

සෙනෙහස, මනුෂ්‍යත්වය, දාරක පේ‍්‍රමය, සතුට, විනෝදය, යන සංවේදනයන්ගෙන් සැදුම් ලත්ව විටෙක දුකද විටෙක සතුට මුසුව පේ‍්‍රක්ෂකයාට තිළිණ කරන මිහිරියාව හා බැඳුණු වෘත්තාන්තයේ සංක්ෂිප්ත සටහනකි මේ.

මේනක, සම්පත්, නුවන්ග, රන්ජනී සහ ස්වේතා දරුණු බස් අනතුරකට මුහුණ දෙන අතර අනතුරත් සමග ඔවුන් ජීවත් වීමේ විවිධ උපායන් යොදාගනී.

අනතුරත් සමග මේනකගේ උපාධි සහතික අහිමි වෙන අතර එය අහුලා ගන්නා සම්පත් ටියුෂන් ගුරුවරයෙකු ලෙස පෙනී සිටියි.තවකෙකු ජංගම දුරකථන සාදන්නෙකු ලෙසද, යාචකයෙකු ලෙසද සමාජ ගතවන අතර රන්ජනී අනතුරෙන් පසු අතුරුදහන් වී නන්දනී ලෙස සිනමා ලෝකයේ නිළියක් බවට පත්වෙයි.

මේ ආදී වශයෙන් වූ සමාජයේ විවිධ ස්තරයන් තුළ යථාර්තය සගවා සමාජයට වෙනත් ප‍්‍රතිරූපයක් පෙන්වමින් අනුන්ට මෙන්ම තමන්ගේ අතුලාන්තයටද වංචා කරමින් ජීවත් වන මොවුන්ගේ ජීවත් වීමේ අරගලය දිගහරිනු වස් මෙම ටෙලිය නිර්මාණය වී ඇත.

සංසාර සක්මනෙහි නිර්මාණ ක‍්‍රියාකාරීත්වය දිගහැරෙන්නේ මෙසේය.
රංගනයෙන් මේනක රාජපක්ෂ, හිමාලි සයුරංගි, දනංජය සිරිවර්ධන, පුබුදු ගමගේ, බියංකා ෆොන්සේකා, නුවන් ගුණසේකර, ජගත් බෙනරගම, මියුරි සමරසිංහ, ජවිඳු කල්හාර විජයසිංහ (ළමා නළු) , සුසිලා කෝට්ටගේ, ශාන් බන්දු වීරසිංහ, බුද්ධික ඉඳුරුගල්ල , උත්පලා මදුශානි එක්වෙයි.

නිෂ්පාදනය – හෙරල්ඞ් විජයසිංහ
අධ්‍යක්ෂණය – සෆ්ෆ්රාස්
නිර්මාණ සැලසුම් අධීක්ෂණය -ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක
නිෂ්පාදන සම්බන්ධීකරණය – මාලතී විජයසිංහ
සංස්කරණය – චතුරංග සම්පත් හේවගේ
සහාය අධ්‍යක්ෂණය – ප‍්‍රසාද් ද සිල්වා
කැමරා කරණය – සුසන්ත කැළුම්ප‍්‍රිය බණ්ඩාර
සංගීත අධ්‍යක්ෂණය – දිනේෂ් සුභසිංහ
මූල්‍ය කළමනාකරණය – ප‍්‍රසාද් ජයසිරි
මූල්‍ය කළමනාකරණ සහාය – රංජන් ප‍්‍රදීප්




















 
Related Posts with Thumbnails