Ads 468x60px

.

පන්නල ධාවන තරග සඳහා යොදාගන්නා රේසින් කාර් දෙකක්‌ තැන් දෙකකදී අනතුරට

එකක් පාරෙන්  ඉවතට පැන නිවසක ගැටිලා...
අනෙක රෝදයක්‌ ගැලවී කාණුවක හිරවෙලා...

පන්නල ප්‍රදේශයේ පැවැති තරගයකට සහභාගී වීම සඳහා යමින් තිබූ ධාවන තරග සඳහා යොදාගන්නා මෝටර් රථ (රේසින් කාර්) දෙකක්‌ පස්‌යාල මීරිගම මාර්ගයේ ස්‌ථාන දෙකක දී (26) දා උදෑසන අනතුරට ලක්‌ව ඇත.



මෙම මෝටර් රථ දෙක අධික වේගයෙන් ධාවනය කර ඇති අතර වේගය පාලනය කර ගත නොහැකි වූ එක්‌ මෝටර් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නිවසක ගැටී ඇති අතර අනතුරින් නිවසට හානි සිදු වී ඇති අයුරු දක්‌නට ලැබිණි.


ඊට මීටර් තුන්සියයක්‌ පමණ දුරින් අනෙක්‌ මෝටර් රථය අනතුරට ලක්‌ වී ඇති අතර එහි රෝදයක්‌ ගැලවී යාමෙන් පසු මීටර් පනහක්‌ පමණ ඇදී ගොස්‌ එම මෝටර් රථය කාණුවක සිරවී තිබිණි.

 


 
Related Posts with Thumbnails