Ads 468x60px

.

කටකතාවක් හැදෙන්න නම් පොඩි හෝ දෙයක් වෙලා තියෙන්න ඕනේ - ගයත‍්‍රි

කට කතාවක් නිසා ඒ අයගේ පවුල් ජීවිත විනාශ වෙලා යනවා... 

දරුවන්ගේ ජීවිත විනාශ වෙලා යනවා...

සර්ව සම්පූර්ණ චරිත කොහෙවත් නෑ...

මකර විජිතය ටෙලි නාට්‍ය ඔස්සේ සහෘද පේ‍්‍රක්ෂක ජනතාව අතරට පැමිණි ගයත‍්‍රි ඩයස් මේ වනවිට ටෙලි නාට්‍ය  සහ චිත‍්‍රපට  රැසකට රංගනයෙන් එක්ව ඇත.




ගයත‍්‍රි මේ දවස්වල ක්‍ෂේත‍්‍රයේ නිහඬ චරිතයක් වෙලා.
ඔව්,  මේ දවස්වල ව්‍යාපාරික කටයුතුවලට වැඩි බරක් දීලා තියෙන්නේ. පහුගිය කාලේ රංගන කටයුතුවල යෙදුණ නිසා සැලෝන් එකේ වැඩ කටයුතු අතපසු වුණා. ඒ වගේම දරුවන්ගේ වැඩ කටයුතුත් අධිකයි. 

ඔබ රඟපෑමෙන් ඉවත් වෙනවා කියන කතාව ඇත්තද?
එහෙම නෑ . දීර්ඝ නාට්‍යවලට නම් ආය සම්බන්ධ වෙන්නේ නෑ. මට ඒ සඳහා සම්පූර්ණ කාලය යොදවන්න බැරි නිසා නිර්මාණකරුවන්ට වෙන්නේත් අසාධාරණයක්. හැබැයි අවුරුද්දකට එකක් වගේ කෙටි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා.


පාසල් යන කාලේදීම ඔබ කලාවට එක්වුණා. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
පාසල් යන කාලේ මම විවිධ තරගවලට සහභාගි වුණා. ඒවායින් ජයග‍්‍රාහණය කරන්නත් ලැබුණා. මගේ කොණ්ඩය ටිකක් දිගට තිබුණ නිසා හිසකෙස් සම්බන්ධ වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණා. රූප රාජිණි තරගවලිනුත් ජයග‍්‍රාහන කරන්න ලැබුණා. මේ හැම දේම හරහා මට කලාවට පිවිසෙන්න අවස්ථාව උදා වුණා.


‘මකර විජිතය’ ටෙලි නාට්‍ය ඔබේ ජීවිතයේ සන්ධිස්ථානයක්.
ඔව්. මගේ මුල්ම ප‍්‍රාසාංගික ටෙලි නාට්‍ය මකර විජිතය. ඊට කලින් අවුරුදු ටෙලි නාට්‍යක රඟපෑවා. ඒවගේම මකර විජිතය නිසා තමයි මට චන්නව මුණ ගැසෙන්නේ.


ඒ අතීතයත් මතක් කරමු?
ඒ නාට්‍යයේදී අපි එකට රූගත කිරීම්වලට සහභාගි වුණා. පස්සේ හොඳ යාළුවෝ වෙලා පෙම්වතුන් වුණා. අවුරුද්දක් යන්නත් කලින් විවාහ වුණා.


කලාවෙන් ඈත් වෙන්න තරම් රූපලාවන්‍ය ඔබේ ජීවිතයට සමීප වුණේ කොහොමද?
මම විවාහ වුණාට පස්සේ  රූපලාවන්‍ය ගැන තිබුණු උනන්දුව තවත් වැඩිවුණා. ඒ වගේම ගෙදර ඉදලා කරන්න පුළුවන් රැකියාවක් නිසා මම වැඩියෙන් රූපලාවන්‍ය පිළිබඳ අවධානය යොමු කළා. ඊට පස්සේ රූපලාවන්‍ය ඉගෙන ගන්න විදේශ රටවලටත් ගියා. ඒ උනන්දුවත්  එක්ක මම දැන් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙලා.


ඔබ අද රූපලාවන්‍ය ශිල්පිණියක් ලෙස විවිධ ආයතන නියෝජනය කරනවා. ඒ ආයතනවල නිෂ්පාදන පිළිබඳ ඔබේ වගකීම පැහැදිලි කළොත්?
මම නිකම්ම ඒ තැනට යන්නේ නෑ. මම මුලින් අත්හදා බැලීමක් කරනවා. ඒ වගේ ශරීර අභ්‍යන්තර ප‍්‍රතිකාර (ගිලින පෙත) පිළිබඳ උපදෙස් දෙන්න යන්නෙත් නෑ. මොකද මම වෛiවරියක් නෙමෙයිනේ. නමුත් රූපලාවන්‍ය ශිල්පිණියක් ලෙස බාහිර ආලේපන, හිසකෙස් පිළිබඳව මට උපදෙස් දෙන්න පුළුවන්.


ඔබ දැන් ටිකක් කෙට්ටු වෙලා?
ඔව්. මම විවාහ වුණ කාලේ ගොඩක්ම කෙට්ටුයි. ඒ කාලේ මහත්වෙන එක හීනයක් වෙලා තිබුණේ. ලොකු බබා ලැබුණාට පස්සේ මහත් වුණා. මම ඒත් කෙට්ටු වෙන්න හිතුවේ නෑ. දෙවනි බබා ලැබුණාම මහත අඩු කරගන්න  ඕන වුණා. ඊට පස්සේ ව්‍යායාම කරා, කෑම පාලනය කරා. සිහින් සිරුර කොහොමත් හොඳයි. මහත් වුණාම අවලස්සන වගේම ඒක ශරීර සෞඛ්‍යටත් හොඳ නෑ.


දැන් ළමයි ලොකුද?
ඔව්. දෙන්නම ඉස්කෝලේ යනවා. ලොකු බබාට වයස 12යි. පොඩි එක්කෙනාට අවුරුදු 6යි.


ඔබ ඔබේ සැමියාගේ දකින විශේෂ ගුණාංග මොනවාද?
එයා එයාගේ වැඩ පාඩුවේ කරගෙන ඉන්න කෙනෙක්. පාඩුවේ ඉන්න නිසාම සමහරු හිතන්නේ චන්න ආඩම්බරයි කියලා. ඒත් එයා එහෙම කෙනෙක් නෙමේ. සමහර දේවල්  ඕනවට වඩා  ඕනෙම නෑ කියලා එයා හිතනවා. විවාහ වෙන්න කලින් මම ටිකක් විනෝදයට බර කෙනෙක්. ඒත් චන්නත් එක්ක ගත කරන ජීවිතයේදී මමත් ඉබේම ඒ දෙයට හුරු වුණා.


චන්න රංගන ශිල්පියෙක් වගේම දැන් අධ්‍යක්ෂකවරයෙක්. ඔබෙන් ඔහුට ලැබෙන සහය මොනවගේද?
චන්නගේ නිර්මාණ තුළින් මාව පෙන්නේ නෑ. මම ඒ එකකටවත් රංගනයෙන් එකතුවෙලා නෑ. මම ටිකක් රඟපාන්න කම්මැලි එකත් හේතුවක්. ඒ නිසා කවදාවත් චන්නගේ නිර්මාණවලට රංගනයෙන් දායක වෙන එකක් නෑ. හැබැයි අනෙක් හැම විදියටම මම චන්නට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා.


චන්න සම්බන්ධයෙන් ගෙතෙන කටකතා දිහා ඔබ උපේක්ෂාවෙන් බලනවාද?
ඒවා ගැන මම ඇහැක් අරලා බලන්නේ නෑ. කට කතා ගොතන්නේ පිට මිනිස්ස. එක ගෙදර ඉන්නේ අපි දෙන්නා. ඉතිං ගෙදර ඉන්න මනුස්සයා මට විශ්වාසයි. මම ඒ ගැන හිත් රිදවීමක්වත් ඇති කර ගෙන නෑ.


තැන් තැන්වල ගෙතෙන කට කතා ගැන මොකද හිතෙන්නේ.?
කට කතා හැමෝටම හැදෙනවා. ජනප‍්‍රිය වුණාම ඒවා වේගයෙන් ව්‍යප්ත වෙනවා. කටකතාවක් හැදෙන්න නම් පොඩි හෝ දෙයක් වෙලා තියෙන්න  ඕනේ.  නමුත් ගොතන කෙනත් ඒ දේවල් තහවුරු කරගන්න  ඕනේ. කට කතාවක් නිසා ඒ අයගේ පවුල්, දරුවන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. 

සර්ව සම්පූර්ණ චරිත කොහෙවත් නෑ. තමන්ගේ ජීවිත වටින්නේ තමන්ට. ජනප‍්‍රිය චරිත වුණාම පවුල දෙමාපියෝ දරුවන් වෙනුවෙන් තමන්ගේ චරිතය රැක ගන්න  ඕනේ. ඒ වගේම කටකතා පතුරුවන අයත් මෙකෙදි පරිස්සම් වෙන්න  ඕනේ.


ආදරය, පවුල, මුදල්, වෘත්තිය ඔබ මේවාට දෙන වටිනාකම් මොනවාද?
මේ හැම දේම එක එක විධියට අපට වටිනවා. ඒ දේවල් අතරත් සම්බන්ධයක් තියෙනවා. ඒ අතරින් වටින්නේ ම ආදරය. ආදරය තියෙනවා නම් මානසික සහනය තියා ගන්න පුළුවන්. නිරවුල් මනසක් යටතේ අනෙක් හැමදේම සාර්ථක වෙනවා. ප‍්‍රශ්න නැති පවුල් කොහෙවත් නෑ. මුලදී යොදන අත්තිවාරම මත තමයි ඒ හැම දේම තීරණය වෙන්නේ. මුදලූත් අපිට වටිනවා. 

අපි විවිධාකාර හීන දකිනවා. මම නිලියක්, රූපලාවන්‍ය ශිල්පිණියක් වුණේ නැත්නම් අනිවාර්යෙන්ම ව්‍යාපාරිකයෙක් වෙන්න තිබුණා. සල්ලි හම්බ කරන්න ,වැඩ කරන්න, සැපවත් ජීවිතය මේ හැම දේම මම පොඩි කාලේ ඉඳලම දැකපු හීන. හොඳ පවුලක්, දරුවන්, ආදරය, මුදල් මේ හැමදේම මට ලැබිලා තියෙනවා. ඒ හැම දේම මට ගොඩක් වටිනවා.


ඔබ යහළුවන් ආශ‍්‍රය කරද්දී ඔබේ සීමාව කුමක්ද?
තව කෙනෙක් ආශ‍්‍රය කරනවා නම් ඒ අයව හොඳින් නිරීක්ෂණ කරලා තමයි ඒ දේ කරන්න  ඕනේ. අලූත් යාහළුවෙකුට වඩා පරණ යහළුවෝ අපි දන්නවා. කොහොම වුණත් විශ්වාසය තමයි වැදගත්. විශ්වාස කරන්න පුළුවන් සීමාවේ තමයි යාළුවෝ තියාගෙන ඉන්නේ. විශ්වාසයක් නැති යාළුවෝ මට නෑ.

 

 
Related Posts with Thumbnails