Ads 468x60px

.

මම හරිම අවංක ආදරවන්තියක් - ලෝචනා

ලෝචනා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වෙන්න කොහොමත් කැමති නැහැලු. අපි ඒක ලෝචනාගෙන්ම ඇහුවා.

ඇත්තද ලෝචනා හොඳ ආදරවන්තියක් කියන්නේ ?
ඔව් මම හරිම අවංක ආදරවන්තියක්.





ඔයාට ආදරය ගැන දැනෙන්නේ කොහොමද ?
ආදරය බොහොම සුන්දර අත්දැකීමක්. ඕනැම කෙනෙක්ට මුලින්ම හරි ආදරය ලැබෙන්නේ නෑ. ඒක තමයි මම දකින ඇත්ත.


ඔයා බලාපොරොත්තු වුණු ආදරයමද එයාට ලැබුණේ ?
ඔව් . මම බලාපොරොත්තු වුණාටත්වඩා හොඳ ආදරයක් මට ලැබුණා. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ ආදරවන්තයාගෙන් ම‍ට ලැබෙන ආදරයෙන් මම හොඳට සතුටු වෙනවා. ඇත්තමයි.


එයා ඔයාට හමුවෙන්න කළින් ඔයාගේ හිතේ සිහින කුමාරයෙක් කියලා මවා ගත්ත රූපයක් තිබුණද ලෝචනා?
මෙහෙමයි. මගේ හිතේ  එහෙම විශේෂයක් තිබුණේ නෑ. ඒත් දැන්නම් මගේ හිතේ මැවුණු රූපයක් ජීවත් වෙනවා. ඒ වෙන කාගෙවත් නෙමෙයි මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙම රූපය තමයි.


එතකොට ලෝචනා ඔයාගේ සහකරුගෙන් බලාපොරොත්තු වන ගතිගුණ මොනවද ?
මම කැමතියි. හැම වෙලේම මගේ දේවලට උදව් කරන කෙනෙක්ට . මම කලා ක්ෂේත්‍රයේ අයට අකමැති හේතුවත් ඒකමයි. මොකද අපි මේ ක්ෂ්‍රෙත්‍රයේ වැඩ කරද්දී හුඟක් කාර්යබහුල වෙනවා. ඒ හැම වෙලේම එයා මට උදව් කරනවා. මම එයා තුළින් බොහෝ වෙලාවට මගේ තාත්තාගේ ගතිගුණ දකිනවා. මම එයාට කැමතිවු‍ණෙත් අන්න ඒ නිසයි.


එහෙනම් ලෝචනා ඔයා තනිකඩ ජීවිතේට සමුදෙන්නේ කවද්ද කියලත් අපිට කියන්න ?
ඒ දවස වැඩි ඈතක නෙමෙයි. බොහොම ඉක්මනින් අපි විවාහ වෙනවා.
 
Related Posts with Thumbnails