Ads 468x60px

.

ජෝර්දානයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවන්ට දුරකථන ඇමැතුමක්‌ වත් ලබාගැනීමට නොහැකි තත්වයක ඉන්නේ - රන්ජන්

දුරකථන ඇමැතුම් ලබා ගැනීමට තහනම්...
දුරකථන හා සිම්කාඩ්පත් බලෙන් අරගෙනලු...

ගෘහ සේවය සඳහා ජෝර්දානයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් 300 දෙනකු පමණ විවිධ කරදරවලට ලක්‌ව අන්ත අසරණව සිටියත් ඔවුන්ට රජයෙන් කිසිදු පිළිසරණක්‌ ලැබී නැති බව එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.


මේ වන විට ජෝර්දාන තානාපති කාර්යාලයේ සහ ඉන් පිටත රැඳී සිටින මෙම කාන්තාවන්ට දුරකථන ඇමැතුමක්‌ වත් ලබාගැනීමට නොහැකි ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව රන්ජන් රාමනායක මහතා නිකුත් කළ නිවේදනයක දැක්‌වේ.

රාමනායක මහතා නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ජෝර්දානයේ අනාථව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම පිණිස රජය මේ නිවේදනය නිකුත් කරන මොහොත වනතුරු කටයුතු කර නැත. සහනයක්‌ බලාපොරොත්තුවෙන් මේ වන විට ජෝර්දාන තානාපති කාර්යාලයේ සහ එහි පිටත රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් සංඛ්‍යාව 300 කට අධිකය. එය වැඩිවෙමින් පවති. 


තානාපති කාර්යාලයේ රැඳී සිටින කාන්තාවන්ගේ විදේශ බලපත්‍ර මේ වෙද්දී ඇත්තේ එහි සිටින නිලධාරින් අතේය. එසේ නැතිනම් දුෂ්ඨ හාම් පුතුන් ළඟය. දුරකථන ඇමැතුම් ලබා ගැනීමට තහනම් වී ඇති අතර ඔවුන් අතේ ඇති දුරකථන හා සිම්කාඩ්පත් බලෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ගෙන ඇත්තේ අසරණ ශ්‍රමිකයන් ජෝර්දාන් තානාපති රැඳවුම් නිවාසයේ සිදුවන ලිංගික සූරාකෑම් තර්ජන හා පහරදීම් ගැන සැබෑ තොරතුරු ලංකාවේ මාධ්‍යයට වාර්තා කර තැයි බියෙනි. 

මෙය ලෝකයේ කිසිදු තානාපති කාර්යාලයක සිදුනොවන මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ඒ වගේම එම ජෝර්දාන් තානාපති කාර්යාලයේ දුක්‌විඳි ශ්‍රමිකයන් විසින් රහසින් සඟවා ගත් දුරකථනවලින් ලබාගත් ඡායාරූප හා තොරතුරු ලංකාවට පැමිණීමට පෙර ජෝර්දාන් තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් බලෙන් ලබාගෙන විනාශ කරන බව ශ්‍රී ලංකාවට පැමිණි අසරණ ශ්‍රමිකයන් මගින් අප හට සාක්‌ෂි ඇතිව ඔප්පු කළ හැක.

තමන්ට සිදුවී ඇති මේ අසාධාරණය තවදුරටත් ඉවසාගත නොහැකි වූ මෙම පිරිස පසුගිය දිනක උද්ඝෝෂණයක නිරත වූයේ තමන් සියලු දෙනා හැකි ඉක්‌මනින් ලංකාවට යවන ලෙස බලකරමිනි. එහෙත් අවසානයේදී ඔවුන්ට සිදු වූයේ දින 14 ක්‌ පමණ පොලිස්‌ භාරයට පත්වී ඉන්පසු සිරගත වීමටය.
 
Related Posts with Thumbnails