Ads 468x60px

.

ක‍්‍රිකට් ගහන එක මීට වඩා ලේසියි , ඒත් මම දැන් පුහුණු වෙනවා – සනත්

මම නර්තනයෙන්, රංගනයෙන් විනෝද වෙන කෙනෙක්...
කිසිම දෙයක් බැහැ කියලා අත්හරින්නේ නෑ...

ඉන්දියාවේ පැවැත්වෙන ‘ජලක් ඩික්ලා ජා’ නැටුම් සංදර්ශණයට මේ දිනවල සහභාගී වන ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්විමන් පවසා ඇත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම තරම් නටන එක පහසු නැති බවයි.


මුලදී මීට සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳව දෙගිඩියාවෙන් පසුවූ බවත් ජයසූරිය ‘ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට පවසා තිබේ.

‘මම නර්තනයෙන්, රංගනයෙන් විනෝද වෙන කෙනෙක්. ඒත් මම නර්තන ශිල්පියෙක් නෙමෙයි. ඒකයි ප‍්‍රශ්නේ. මීට පෙර කිසිම අවස්ථාවක වේදිකාවක නර්තනයේ යෙදිලා නෑ. ක‍්‍රිකට් ගහන එක මීට වඩා ලේසියි. ඒත් මම දැන් පුහුණු වෙනවා. මට කොතෙක් දුර යන්න පුළුවන්දැයි උත්සාහ කර බලනවා. මේක මගේ ජීවිතේට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්’ 

යනුවෙන්ද ජයසූරිය පවසා ඇත.

‘සනත් කියන්නේ ඉතාමත් මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. ඔහු  ඕනෑම දේකට ඇහුම්කන් දෙන කෙනෙක්. ඔහු කිසිම දෙයක් බැහැ කියලා අත්හරින්නේ නෑ.’ 

යයි ජයසූරියගේ නර්තන රචකයා පවසා තිබේ.

මධුරි ඩික්සිත්, කරන් ජොහාර්, රෙබෝ ඞී සෝපා ඇතුළු ල‍්‍රවීන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ජූනි 16 වනදා මෙම තරඟය පැවැත්වීමට නියමිතය.


 සනත් ජයසූරිය බැටින් පිචි එකෙන් ඩාන්සින් පිචි එකට
 සනත් ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයේ නටන හැටි...
 
Related Posts with Thumbnails