Ads 468x60px

.

ජෝතිපාලයන් මියගොස් වසර 25ක් සැපිරීම නිමිත්තෙන් දෙරණෙන් වාර්තාවක්...

ජුලි 06 වනදා උදෑසන 07 සිට පුරා පැය 32 ක් එච්. ආර්. ජෝතිපාලගේ ගීත විකාශය කෙරේ...

මගින් නව ලෝක වාර්තාවක්...

එච්. ආර්. ජෝතිපාල මහතා මියගොස් වසර ජුලි හත්වනදාට වසර 25ක් සැපිරීම නිමිත්තෙන් ජුලි 06 වනදා උදෑසන 07 සිට පුරා පැය 32 ක් එච්. ආර්. ජෝතිපාලගේ ගීත විකාශය කිරීම මගින් නව ලෝක වාර්තාවක් තැබීමට එෆ්. එම් දෙරණ සුදානම් වනවා.

මෙහිදී එච්. ආර්. ජෝතිපාල විසින් ගැයූ කිසිදු ගීතයක් නැවත ගායනා කිරීම සිදු නොවන අතර දවස පුරාම ඔහුගේ ගීත පමණක් විකාශය කිරීම විශේෂත්වයක් වනවා.


දෙරණ මාධ්‍යය ආයතනය පවසන්නේ ලොව කිසිදු මාධ්‍යය ආයතනයක් මෙයට පෙර එකම ගායකයාගේ ගීත පුරා පැය 32 ක් එකදිගට විකාශය කර නොමැති බවයි.


2010 වසරේද ජෝතිපාල මහතාගේ ගීත පැය 24 ක් පුරාවට විකාශය කොට වාර්තාවක් තැබූ අතර මෙවර එම වාර්තාව අලුත් කිරීම සිදුවන බව පැවසේ.
 
Related Posts with Thumbnails