Ads 468x60px

.

බජාජ් ත්‍රීරෝද රථ හා යතුරුපැදිවල මිල ගණන් පහතට...

නිෂ්පාදන බද්ද 50%කට වැඩි අගයකින් ඉහළ නැංවීම මීට හේතුවක්...

නිෂ්පාදන බදු නැංවීම නිසා විශාල ලෙස මිල ඉහළ ගිය බජාජ් ත්‍රීරෝද රථ හා යතුරුපැදිවල මිල ගණන් පහත හෙළීමට බජාජ් සමාගම තීරණය කර ඇත.

මේ අනුව ත්‍රීරෝදයක මිල 10%කින්ද යතුරුපැදියක මිල වර්ගය අනුව 5-14% ප්‍රමාණයකින්ද පහළ යනු ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකාව, බජාජ් ඉන්දියානු සමාගමේ සමස්ත අපනයනයෙන් 18%ක වෙළඳපොළක් නියෝජනය කරන අතර පසුගියදා සිදුකරන ලද නිෂ්පාදන බද්ද 50%කට වැඩි අගයකින් ඉහළ නැංවීම හේතුවෙන් වාහන අලෙවිය සීඝ්‍ර‍ලෙස පහළ ගොස් තිබිණි.

මෙම මිල අඩු කිරීම හේතුවෙන් ඇතිවන අලාභය සමාගම හා ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිතයින් විසින් දරා ගැනීමට නියමිත බවද ප්‍රකාශ වේ.
 
Related Posts with Thumbnails