Ads 468x60px

.

සුදු කබර සුවකරන මුවාවෙන් කපුවා ඇඳුම් ගලවා තරුණියගේ ඇඟ අත පත ගාලා

කපුවා නිවසේ කාමරයකට තරුණිය කැඳවා ඇඟ පුරාම තෙල් ගාලා...

හංවැල්ල, තුම්මෝදර, ගැටේමාවර ප්‍රදේශයේ තරුණියකට ලෙඩ රෝග සුවකරන මුවාවෙන් අතවර කළබව කියන කපුවකු අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.


අතවරයට පත් තරුණිය 20 හැවිරිදි වියේ පසුවන්නියක බවද පොලිසිය කියයි.

තරුණියගේ ශරීරයේ සුදු කබර තිබී ඇත. මේ නිසා මානසිකව වැටී සිටි තරුණියට ලෙඩ රෝග සුවකරන කපුවා ගැන ඇයට දැන ගන්නට ලැබී තිබේ. ඒ අනුව සුදු කබර රෝගය සුවකර ගැනීමට ඇය සිය මවත් සමග කපුවාගේ නිවසට ගොස්‌ ඇත.

තමන්ට මෙම සුදු කබර රෝගය සුවකළ හැකි බව පවසා කපුවා නිවසේ කාමරයකට තරුණිය කැඳවා ඇත. එහිදී ඇගේ මව කාමරයෙන් පිටතට ගිය අවස්‌ථාවක තරුණියගේ ශරීරයේ ඇඳුම් ගලවා තෙල් ගල්වන මුවාවෙන් අතවර කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

පසුව මේ ගැන තරුණිය සිය මවට පැවසීමෙන් පසු ඈ පොලිසියට පැමිණිලි කර තිබේ. අත්අඩංගුවට පත් සැකකාර කපුවා 39 හැවිරිදි වියේ පසුවන වතුපිටිවල පදිංචි අයෙක්‌ බවද පොලිසිය කියයි.

අතවරයට පත් තරුණිය වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා අවිස්‌සාවේල්ල මූලික රෝහලට යොමුකළ බවද පොලිසිය පවසයි.
 
Related Posts with Thumbnails