Ads 468x60px

.

බන්ධනාගාර නිලධාරීන්ට වීර පදක්‌කම්...

බන්ධනාගාර අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසකගේ අදහසකට අනුව  බන්ධනාගාර නිලධාරීන් පිරිසකට වීර විභූෂණ පදක්‌කම් පැළඳවීමට සංවිධානය කර තිබූ උත්සවයක්‌ ආරක්‍ෂක අමාත්‍යංශය මගින් අත්හිටුවා තිබේ.  


මෙම උත්සවයේදී උසස්‌ බන්ධනාගාර නිලධාරීන්ට වීර විභූෂණ නමින් පදක්‌කමක්‌ පැළඳවීමට ද සැලසුම් කර තිබී ඇත.  කිසිදු ක්‍රියාන්විත රාජකාරියක නිරත නොවී නිල ඇඳුමක්‌ ඇඳ සිරකරුවන් බලා ගැනීමේ පමණක්‌ යෙදී සිටින නිලධාරීන් මෙසේ වීර විභූෂණ පදක්‌කම් පැළඳගැනීම වීරෝදාර රණවිරුවනට කරනු ලබන අවමානයක්‌ බව ආරක්‍ෂක අමාත්‍යංශය විසින් පවසා මෙම පදක්‌කම් පැළඳවීමේ උත්සවය අවලංගු කොට තිබේ.   

මෙම උත්සවයේදී පදක්‌කම්ලාභීන් ලෙස තෝරා ගැනුණු නිලධාරීන් අතර වංචා හා දූෂණ සම්බන්ධව චෝදනා ලැබ විනය පරීක්‍ෂණ කිහිපයක්‌ම පැවැත්වෙමින් ඇති නිලධාරීන් ගණනාවක්‌ම ඇතුළත්ව සිටින බව  ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි. නමුත්  සමහර බන්ධනාගාර නිලධාරීන් සඳහා පහත  වීර  පදක්‌කම් සුදුසු බව අපට සිතේ.

හෙරොයින් සප්ලයි  පදක්‌කම
සිගරට් බිඩි සප්ලයි  පදක්‌කම
සෙල්ෆෝන් සප්ලයි  පදක්‌කම
සිරකරු ආහාර ගසාබාන් පදක්‌කම
සිරකරු භාර්යා බැලන්ස් පදක්‌කම
සිරකරු ඇටකටු කුඩු  පදක්‌කම
මුදලට සැප සප්ලයි  පදක්‌කම


- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails